4. 2. 4. 9.
9. තතිය සමණ මචල සූත්‍රය
39. “මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.”
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ මචල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, අර්‍හත් ඵල ඤාණයෙන් යුක්තද, අර්‍හත්ඵල විමුක්තියෙන් යුක්තද, අෂ්ට විමොක්‍ෂයෙන් කයින් ස්පර්‍ශකොට වාසය නොකරයිද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්ප ඇත්තේ වේද, සම්‍යක් වචන කියන්නේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද, යහපත් ජීවිකාවෙන් යුත්.ද, යහපත් වෑයමෙන් යුක්තද, සම්‍යක් සතියෙන් යුක්තද, සම්‍යක් සමාධියෙන් යුක්තද, අර්‍හත්ඵල විමුක්තියෙන් යුක්තවූයේද, අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශකොට වාසය කෙරේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේ.
“මහණෙනි,කෙසේනම් පුද්ගල තෙමේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, බොහෝ සේ යාච්ඤා කරණ ලද්දේම සිවුරු පරිභෝග කරයි. යාච්ඤා නොකොට ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ වශයෙන් පිණ්ඩපාතය පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්ප වශයෙන් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ සෙනසුන් පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේම බොහෝ ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යම් සබ්‍රම්සරුන් සමග වාසය කරයිද, ඔවුහු ඔහුට මනාප කාය කර්‍මයෙන් යුක්තව බොහෝ සේ හැසිරෙයි. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප වාක් කර්‍මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප මනො කර්මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, මනාපවූ බෙහෙත් පූජා එලවත්. අමනාපව ස්වල්පය, පිතෙන් හටගත් හෝ, සෙමින් හටගත් හෝ, වාතයෙන් හටගත් හෝ, සන්නිපාතයෙන් හටගත් හෝ, ඎතු විපර්‍ය්‍යාසයෙන් හටගත් හා්, විෂම පැවැත්මෙන් හටගත් හෝ, උපක්‍රමයෙන් හටගත් හෝ, කර්ම විපාකයෙන් හටගත් හෝ, යම් ඒ වේදනා කෙනෙක් ඇද්ද, ඔහුට බොහෝ නොඋපදිත්. අල්පබාධා වේ. විශිෂ්ට සිතෙහි පහළවූ, මේ ආත්මයෙහි සැප විහරණවූ, සතර ධ්‍යානයන් අයත්නයෙන් ලැබෙන්නේ වේ. නොදුකින් ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධිය, අර්‍හත් ඵල ප්‍රඥාව, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයි. “මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල පුද්ගලයා වේ. මහණෙනි, ඒ යමෙක් උදෙසා මනාකොට කියන්නාහු, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාලයයි කියත්ද, ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාලයයි මනාකොට කියන්නාහු, මා ගැනම කියන්නාහුය.
“මහණෙනි, මේ පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ.
4. 2. 4. 10.
10. චතුත්‍ථ ශ්‍රමණ මචල සූත්‍රය
40. “මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“ශ්‍රමණ මචල පුද්ගලයාය, ශ්‍රමණ පුණ්ඩරීක පුද්ගලයාය, ශ්‍රමණ පදුම පුද්ගලයාය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාල පුද්ගලයාය යන සතර දෙනයි.”
“මහණෙනි, පුද්ගල තෙම කෙසේ ශ්‍රමණ මචල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශෛක්‍ෂ වේද, නොපැමිණි අර්‍හත්‍වය ඇත්තේ, නිරුත්තරවූ නිර්‍වාණය පතමින් වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙම ශ්‍රමණ මචල වේ.
“මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය මෙසේය. රූපය පහළවීම මෙසේය. රූපය අස්තඞ්ගම වන්නේ මෙසේය. වේදනාව මෙසේය. වේදනාව පහළවීම මෙසේය. වේදනාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව පහළවීම මෙසේය. සංඥාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය පහළවීම මෙසේය. සංස්කාරය අස්තඞ්ගම වන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය පහළවීම මෙසේය. විඤ්ඤාණයාගේ අස්තඞ්ගමය මෙසේයයි පඤ්ව උපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි.. “අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශ නොකොට වාසය කරයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පුණ්ඩරීක වේ.
“මහණෙනි, කෙසේ පුද්ගල තෙම ශ්‍රමණ පදුම වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපය මෙසේය. රූපය පහළවීම මෙසේය. රූපය අස්තඞ්ගම වන්නේ මෙසේය. වේදනාව මෙසේය. වේදනාව පහළවීම මෙසේය. වේදනාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව පහළවීම මෙසේය. සංඥාව අස්තඞ්ගම වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය පහළවීම මෙසේය. සංස්කාරය අස්තඞ්ගම වන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය පහළවීම මෙසේය. විඤ්ඤාණයාගේ අස්තඞ්ගමය මෙසේයයි පඤ්ව උපාදානස්කන්‍ධයන්හි උදයව්‍යය අනුව බලමින් වාසය කරයි.. අෂ්ට විමොක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වාසය කරයි. “මහණෙනි, මෙසේ වනාහි ශ්‍රමණ පදුම වේ.
“මහණෙනි,කෙසේනම් පුද්ගල තෙමේ ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම, බොහෝ සේ යාච්ඤා කරණ ලද්දේම සිවුරු පරිභෝග කරයි. යාච්ඤා නොකොට ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ වශයෙන් පිණ්ඩපාතය පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්ප වශයෙන් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේ බොහෝ සෙනසුන් පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයක් පරිභෝග කරයි. යාච්ඤා කරණ ලද්දේම බොහෝ ගිලන්පස, බෙහෙත් පිරිකර පරිභෝග කරයි. යාච්ඤා නොකරණ ලද්දේ ස්වල්පයකි. යම් සබ්‍රම්සරුන් සමග වාසය කරයිද, ඔවුහු ඔහුට මනාප කාය කර්‍මයෙන් යුක්තව බොහෝ සේ හැසිරෙයි. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප වාක් කර්‍මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, බොහෝ සේ මනාප මනො කර්මයෙන් යුක්තව හැසිරෙත්. අමනාපයෙන් ස්වල්පය, මනාපවූ බෙහෙත් පූජා එලවත්. අමනාපව ස්වල්පය, පිතෙන් හටගත් හෝ, සෙමින් හටගත් හෝ, වාතයෙන් හටගත් හෝ, සන්නිපාතයෙන් හටගත් හෝ, ඎතු විපර්‍ය්‍යාසයෙන් හටගත් හා්, විෂම පැවැත්මෙන් හටගත් හෝ, උපක්‍රමයෙන් හටගත් හෝ, කර්ම විපාකයෙන් හටගත් හෝ, යම් ඒ වේදනා කෙනෙක් ඇද්ද, ඔහුට බොහෝ නොඋපදිත්. අල්පබාධා වේ. විශිෂ්ට සිතෙහි පහළවූ, මේ ආත්මයෙහි සැප විහරණවූ, සතර ධ්‍යානයන් අයත්නයෙන් ලැබෙන්නේ වේ. නොදුකින් ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත අර්‍හත් ඵල සමාධිය, අර්‍හත් ඵල ප්‍රඥාව, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයි. “මහණෙනි, මෙබඳු පුද්ගල තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල පුද්ගලයා වේ. මහණෙනි, ඒ යමෙක් උදෙසා මනාකොට කියන්නාහු, ශ්‍රමණයන් අතුරෙහි ශ්‍රමණ සුඛුමාලයයි කියත්ද, ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාලයයි මනාකොට කියන්නාහු, මා ගැනම කියන්නාහුය.
“මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන වන්නාහුය.”
මචල වර්‍ගය නිමි.
එහි උද්දානය:
ප්‍රාණඝාතය, මුසාවාදය, අවර්ණ, ක්‍රෝධය, තමොතම, ඔනතොනත, පුත්‍ර, සංයෝජන, දිට්ඨි සහ ඛන්ධ යන සූත්‍ර දහය මෙහි ඇතුළත් වේ.