4. 1. 2. 5.
[අග්ගපඤ්ඤත්ති සූත්රය]
15. “මහණෙනි, මේ අග්ර පැනවීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, යම් මේ රාහු අසුරේන්ද්රයෙක් වේද, ආත්මභාව ඇත්තන් අතුරෙන් මොහු අග්රයි.
මහණෙනි, යම් මේ මන්ධාතු රජෙක් වේද, කාමභෝගීන්ගෙන් මොහු අග්රයි.
මහණෙනි, යම් මේ පාපී මාරයෙක් වේද, අධිපති භාවයෙන් මොහු අග්රයි.
මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත දිව්ය මනුෂ්ය ප්රජාවෙහි, අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්රයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර උත්තම ප්රඥප්තිය.
37. “ආත්මභාව ඇත්තන්ගෙන් රාහු අසුරේන්ද්ර තෙම ශ්රේෂ්ඨයි. කාමභෝගීන්ගෙන් මහාමන්ධාතු රජ ශ්රේෂ්ඨයි. අධිපතීන් අතරෙන් ඎද්ධියෙන් යසසින් බබලන මාරයා ශ්රේෂඨයි.
38. උඩද, සරසද, යටද ලෝකයාගේ උත්පත්ති යම්තාක් ලෝකයෙහි දෙවියන් සහිත ලෝකයාට බුදුන් අග්රයයි කියනු ලැබේ.”
4. 1. 2. 6.
[චතුකොඛුම්ම සූත්රය]
16. “මහණෙනි, මේ සියුම් ස්වභාවයන් දැනගන්නා නුවණ සතරෙකි. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රූපයෙහි උතුම්වූ සියුම් ලක්ෂණ දැනගන්නා නුවණින් යුක්ත වේද, ඒ සියුම් රූප ලක්ෂණ දැනගන්නාවූ නුවණට වඩා උතුම්වූ හෝ ප්රණීතවූ හෝ අනික් රූප ලක්ෂණ දැනගන්නාවූ ඥානයක් ඒ සියුම්වූ රූප ලක්ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්රණීතවූ හෝ අනික් රූප ලක්ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි.
සියුම්වූ වේදනා ලක්ෂණ දැනගන්නාවූ නුවණින් යුක්ත වේද, සියුම් වේදනා දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්රණීතවූ අනික් සියුම් වේදනා ලක්ෂණ දැනගන්නාවූ ඥානයක් නොදකියි. සියුම් වේදනා ලක්ෂණ දැනගන්නාවූ ඥානයට වඩා උතුම්වූ හෝ ප්රණීතවූ හෝ අනික් වේදනා ලක්ෂණ ඇත්තාවූ ඥානයක් නොපතයි.
සියුම්වූ සංඥා ලක්ෂණ දැනගන්නා ඥානයෙන් යුක්ත වේද, ඒ සියුම් සංඥා ලක්ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්රණීතවූද, අනික් සංඥා ලක්ෂණ දැනගන්නා ඥානයක් නොදකියි. ඒ සියුම් සංඥා ලක්ෂණ දැන ගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්රණීතවූද, අනික් සංඥා ලක්ෂණ දැනගන්නාවූ ඥානයක් නොපතයි.
සියුම්වූ සංස්කාර ලක්ෂණ දැනගන්නාවූ උතුම් ඥානයෙන් යුක්තවූයේ වෙයි. ඒ සියුම් සංස්කාර ලක්ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්රණීතවූද, සංස්කාර ලක්ෂණ දැනගන්නා අනික් ඥානයක් නොදකියි. ඒ සියුම් සංස්කාර ලක්ෂණ දැනගන්නා ඥානයට වඩා උතුම්වූද, ප්රණිතවූද අනික් සියුම් සංස්කාර ලක්ෂණ දැනගන්නා ඥානයක් නොපතයි.
මහණෙනි, මේ සතර සියුම් බවෝය.
39. “රූපස්කන්ධයාගේ සියුම් භාවය දැන, වේදනාවන්ගේ ප්රභවය දැන, යම් හෙයකින් සංඥාව උපදීද, එයද දැන, යම් තැනකදී නිරුද්ධවේද, එයද දැන,
40. සංස්කාරයන් අනිත්ය භාවයෙන් තමාගෙන් අන්යවූවක් වශයෙන්ද, දුක් වශයෙන්ද, අනාත්ම වශයෙන්ද දැන, ශාන්ති පදයෙහි ඇළුනු ශාන්තවූ, මනාව දක්නාවූ ඒ මහණ සෙනාවාහන සහිත මාරයා නසා අන්තිම ශරීරය දරයි.”
4. 1. 2. 7.
[පළමුවෙනි අගතිගමන සූත්රය]
17. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,
“ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි.
මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.
41. “ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යමෙක් ධර්මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්ෂයෙහි චන්ද්රයා මෙන් පිරිහෙයි..”