4. 1. 2. 4.
[පධාන චතුක්ක සූත්රය]
14. “මහණෙනි, මේ වීර්ය්ය සතරෙකි. කවර සතරක්ද යත්? “සංවර ප්රධානය, ප්රහාණ ප්රධානය, භාවනා ප්රධානය, අනුරක්ෂණ ප්රධානය යන සතරයි.
“මහණෙනි, සංවර ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක, “නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් චක්ෂුරින්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. “චක්ෂුරින්ද්රියය රකී. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් සොතෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. සොතෙන්ද්රියය රකී. සොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “නාසයෙන් ඝණධයක් ආඝ්රාණය කොට නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ඝානෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. ඝානෙන්ද්රියය රකී. ඝානෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “දිවෙන් රසයක් විඳ නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ජීවෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. ජීවෙන්ද්රියය රකී. ජීවෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “කයින් පහසක් විඳ නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් කායෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. කායෙන්ද්රියය රකී. කායෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “සිතින් ධර්මයක් දැන නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් මනෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. මනෙන්ද්රියය රකී. මනෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“මහණෙනි, ප්රහාණ ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම විතර්කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ව්යාපාද විතර්කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපන් විහිංසා විතර්කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපනුපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, මහණෙනි, මේ ප්රහාණ ප්රධානයයි කියනු ලැබේ.
“මහණෙනි, භාවනා ප්රධානය කවරේද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු “ස්මෘති සම්බොජ්ඣඞගය වඩයි. “මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු, ධර්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු වීර්ය්ය සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු, ප්රීති සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු, සමාධි සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේක සංඛ්යාත නිවන ඇසුරුකළ, නිරෝධ සංඛ්යාත නිවන ඇසුරුකළ, විදර්ශනාවය මාර්ගය දෙසට නැමුණු, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනා ප්රහාණයයි කියනු ලැබේ.
“මහණෙනි, අනුරක්ෂණ ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන්නාවූ අට්ඨික සංඥාව, පුලවක සංඥාව, විනීලක සංඥාව, විපුබ්බක සංඥාව, විච්ඡිද්දක සංඥාව, උද්ධුමාතක සංඥාව යන යහපත් සමාධි නිමිති ආරක්ෂා කරයිද, මහණෙනි, මේ අනුරක්ෂණ ප්රහාණයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර ප්රධානයෝයි.
36. “සංවරයද, ප්රහාණයද, භාවනාවද, අනුරක්ෂණයද යන මේ සතර ප්රධානයේ ආදිච්චබන්ධුවූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. මෙහි කෙලෙස් තවන වීර්ය්යයෙන් යුත් යම් භික්ෂුවක් වේද, ඔහු දුක ක්ෂය වීමට පමුණුවන්නේය.”
4. 1. 2. 5.
[අග්ගපඤ්ඤත්ති සූත්රය]
15. “මහණෙනි, මේ අග්ර පැනවීම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්.
“මහණෙනි, යම් මේ රාහු අසුරේන්ද්රයෙක් වේද, ආත්මභාව ඇත්තන් අතුරෙන් මොහු අග්රයි.
මහණෙනි, යම් මේ මන්ධාතු රජෙක් වේද, කාමභෝගීන්ගෙන් මොහු අග්රයි.
මහණෙනි, යම් මේ පාපී මාරයෙක් වේද, අධිපති භාවයෙන් මොහු අග්රයි.
මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයන් සහිත දිව්ය මනුෂ්ය ප්රජාවෙහි, අර්හත් සම්යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ අග්රයයි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර උත්තම ප්රඥප්තිය.
37. “ආත්මභාව ඇත්තන්ගෙන් රාහු අසුරේන්ද්ර තෙම ශ්රේෂ්ඨයි. කාමභෝගීන්ගෙන් මහාමන්ධාතු රජ ශ්රේෂ්ඨයි. අධිපතීන් අතරෙන් ඎද්ධියෙන් යසසින් බබලන මාරයා ශ්රේෂඨයි.
38. උඩද, සරසද, යටද ලෝකයාගේ උත්පත්ති යම්තාක් ලෝකයෙහි දෙවියන් සහිත ලෝකයාට බුදුන් අග්රයයි කියනු ලැබේ.”