4. 1. 2. 3.
[සම්මප්පධාන සූත්රය]
13. “මහණෙනි, උතුම් වීර්ය්යයෝ මේ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්යය කරයිද,
උපන් ලාමක අකුශල ධර්මයන් ප්රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්යය තරයිද,
නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්යය කරයිද,
උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, නොමුළාබව පිණිස, වැඩීම පිණිස, විපුලත්වයට යාම පිණිස, භාවනාවෙන් සම්පූර්ණවීම පිණිස, සිත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්යය පටන් ගනීද, සිත යොදවයිද, ප්රධන් වීර්ය්යය තරයිද,
මහණෙනි, මේ සතර සම්යක් ප්රධානයෝයි.
34. “සම්යක් ප්රධානයෝ වට්ට නම් මාර ධෙය්යයන් ඉක්මවා සිටියාහ. ජාති මරණ භය යන්ගේ පරතෙරට ගිය, (ඉන් යුක්ත) ක්ෂීණාශ්රවයෝ අනිශ්රිතයෝය. සේනා සහිත මාරයා නසා සිටි ඒ ක්ෂීණාශ්රවයෝ සතුටට පැමිණියහ. මාර බලය ඉක්මවා සිටි ඔවුහු, තෘෂ්ණා නම් ඒජා නැත්තොය. ඔවුහු සැපයෙන් යුක්තවූහ.”
4. 1. 2. 4.
[පධාන චතුක්ක සූත්රය]
14. “මහණෙනි, මේ වීර්ය්ය සතරෙකි. කවර සතරක්ද යත්? “සංවර ප්රධානය, ප්රහාණ ප්රධානය, භාවනා ප්රධානය, අනුරක්ෂණ ප්රධානය යන සතරයි.
“මහණෙනි, සංවර ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක, “නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් චක්ෂුරින්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. “චක්ෂුරින්ද්රියය රකී. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “කණින් ශබ්දයක් අසා නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් සොතෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. සොතෙන්ද්රියය රකී. සොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “නාසයෙන් ඝණධයක් ආඝ්රාණය කොට නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ඝානෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. ඝානෙන්ද්රියය රකී. ඝානෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “දිවෙන් රසයක් විඳ නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් ජීවෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. ජීවෙන්ද්රියය රකී. ජීවෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “කයින් පහසක් විඳ නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් කායෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. කායෙන්ද්රියය රකී. කායෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි. “සිතින් ධර්මයක් දැන නිමිති නොගන්නේ වේද, අනුව්යඤ්ජන නොගන්නේ වේද, යම් කාරණයකින් මනෙන්ද්රියයෙහි අසංවරව හැසිරෙන්නහු වෙත අභිධ්යා, ව්යාපාද සංඛ්යාත ලාමක අකුශල ධර්මයන් නැවත, නැවත පහළවන්නාහුද, ඔහුගේ සංවරය පිණිස පිළිපදී. මනෙන්ද්රියය රකී. මනෙන්ද්රියයෙහි සංවරයට පැමිණෙයි.
“මහණෙනි, ප්රහාණ ප්රධානය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම උපන් කාම විතර්කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ව්යාපාද විතර්කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපන් විහිංසා විතර්කය නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, උපනුපන් ලාමක අකුශල ධර්මයන් නොඉවසයිද, දුරුකරයිද, අත්හරියිද, පහවූවක් කරයිද, අභාවයට පමුණුවයිද, මහණෙනි, මේ ප්රහාණ ප්රධානයයි කියනු ලැබේ.