9. වන්දනාත්තය සූත්රය
155. “මහණෙනි, මේ වැඳුම් තුනකි.
කවර තුනක්ද?
කයින් වැඳුමද, වචනයෙන් වැඳුමද, සිතින් වැඳුමද වෙයි.
මහණෙනි, මේ වනාහි වැඳුම් තුනය.”
10. සුමඞ්ගල (හෝ) සුප්පහාත සූත්රය
156. “මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්වයන්ට යහපත් පෙරවරු කාලයක් වෙයි.
“මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් මධ්යාහ්ණ කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්වයන්ට යහපත් මධ්යාහ්ණ කාලයක් වෙයි.
“මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් සවස් කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්වයන්ට යහපත් සවස් කාලයක් වෙයි.
‘(ඔවුන්ට) ශුභ නැකතකි. ශුභ මගුලකි. ශුභ හිරු උදාවකි. ශුභ පිබිදීමකි. ශුභ ක්ෂණයකි. ශුභ මුහුර්තයකි. බ්රහ්මචාරීන් කෙරෙහි මනා දන් දීමකි.”
“දියුණුවූ කාය කර්ම වෙයි. දියුණුවූ වාක් කර්ම වෙයි. දියුණුවූ මනො කර්ම වෙයි. දියුණුවූ ප්රාර්ථනා වෙත්. දියුණුවූ කර්මයන් නොට මෙහි දියුණුව ලබත්.
“බුද්ධ ශාසනයෙහි වැඩුනාවූ, සුඛිතවූ, ලබන ලද අර්ථ ඇත්තාවූ ඔවුහු, සියලු ඤාතීන් සමග නීරෝගීව, සැප ඇත්තෝ වව්.”
පසළොස්වැනි මඞ්ගල වර්ගය නිමි.
තුන්වැනිවූ ඛුද්දක පණ්ණාසකය නිමි.
[6. අචෙලක වර්ගය]
3. 6. 1.
[සැවැත් නිදානයි]
157-163. 1. “මහණෙනි, මේ ප්රතිපදා තුනකි.
කවර තුනක්ද?
ආහාළ්හ පටිපදා (කර්කශ ප්රතිපදාව), නිජඣාම පටිපදා (දැවීම් සහිත ප්රතිපදාව), මජ්ඣිම පටිපදා (මධ්යම ප්රතිපදාව) යනුයි.
2. “මහණෙනි, ආහාළ්හ පටිපදාව නම් කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්, කාමයන්හි දෝෂයක් නැත, යන මේ දෘෂ්ටිය ඇත්තේ වෙයි. හෙතෙම කාම වස්තූන් පරිභෝගයට පැමිණෙයි. මහණෙනි, මේ ආහාළ්හ පටිපදාවයි.