3. 2. 1. 3. සන්දිට්ඨික ධම්ම සූත්රය
3. “ඉක්බිති එක්තරා බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්මය තෙම ප්රත්යක්ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ” යි ඇසීය.
“බ්රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. රාගය ප්රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද තොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි. “බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. ද්වේෂය ප්රහීණවූ කල්හි, තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි. “බමුණ, මෝහයෙන් මඩනා ලද්දාවූ, මෝහයෙන් විනාශ කරණ ලද්දාවූ, සිත් ඇති පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. මෝහය ප්රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. බ්රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය, තමන් සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.
3. 2. 1. 4. පරිබ්බාජක සන්දිට්ඨික සූත්රය
4. “ඉක්බිති එක්තරා බ්රාහමණ පරිබ්රාජකයෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, ධර්මය තෙම ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්මය තෙම ප්රත්යක්ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේ වේද, තමන්ගේ සිත්හි පමුණුවා ගත යුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැ” යි ඇසීය.
“බ්රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. රාගය ප්රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී.
“බමුණ, රාගයෙන් මඩනා ලද්දේ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. රාගය ප්රහීණවූ කල්හි, කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, රාගයෙන් මඩනා ලද්දේ, රාගයෙන් විනාශ කරණ ලද්දේ, ආත්මාර්ත්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාර්ත්ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. රාගය නැති කල්හි, ආත්මාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්ත්ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී. “බමුණ, මෙසේ වනාහි ධර්මය ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.
බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි. ද්වේෂය ප්රහීණවූ කල්හි, තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි. මානසික දුකද, දොම්නසද නොවිඳී. “බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දේ, ද්වේෂයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. ද්වේෂය ප්රහීණවු කල්හි කයින් දුෂ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුෂ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුෂ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දේ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දේ, ආත්මාන්ර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාන්ර්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාන්ර්ථ පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. ද්වේෂය නැති කල්හි ආත්මාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්ත්ථ පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී. “බමුණ, මෙසේ වනාහි ධර්මය ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. “බමුණ, මෝහයෙන් මඩනා ලද්දේ, මෝහයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද, දොම්නසද විඳියි. මෝහය නැති කල්හි තමන්ට දුක් පිණිස නොසිතයි. අනුන්ට දුක් පිණිස නොසිතයි. තමහට හා අනුන්ටද දුක් පිණිස නොසිතයි. මානසික දුකත් දොම්නසත් නොවිඳියි.
“බමුණ, මෝහයෙන් මඩනා ලද්දේ මෝහයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තේ, කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. මෝහය ප්රහීණවූ කල්හි කයින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. වචනයෙන් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. සිතින් දුශ්චරිතයෙහි නොහැසිරෙයි. බමුණ, මෝහයෙන් මඩනා ලද්දේ, මෝහයෙන් විනාශ කරණ ලද්දේ, ආත්මාර්ත්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් නොදනී. ආත්මාර්ත්ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් නොදනී. මෝහය නැති කල්හි, ආත්මාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. පරාර්ත්ථයද තත්වූ පරිද්දෙන් දනී. ආත්මාර්ත්ථ, පරාර්ත්ථ දෙකද තත්වූ පරිද්දෙන් දනී. “බමුණ, මෙසේ වනාහි ධර්මය ප්රත්යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේ වේ. එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය, භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහණක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්රකාශ කරණ ලදී. ඒ ඇසූ මම භවත් ගෞතමයන් වහන්සේගේද, ධර්මයෙහිද, සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට මා දන්නා සේක්වා” යි කීයේය.