2. 2. 9. 11.
47. “මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, “ආපත්ති කුසලත්‍වය (ඇවැත් දැකීමෙහි දක්‍ෂභාවය)ද, ආපත්ති උට්ඨාන කුසලත්‍වය (ඇවතින් නැඟීමෙහි හෙවත් මිදීමෙහි දක්‍ෂකම)ද යන මේ දෙදෙන වෙත්. “මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන වෙත්.
සතරවැනි වර්‍ගය නිමි.
(10) 5. බාල වර්‍ගය
සාවත්ථි නිදානයි
2. 2. 10. 1.
48. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් (තමා වෙත) නොපැමිණි බර උසුලයිද, යමෙක් (තමා වෙත) පැමිණි බර නොඋසුලයිද, යන දෙදෙනයි. “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 2.
49. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් (තමා වෙත) පැමිණියාවූ බර උසුලයිද, යමෙක් (තමා වෙත) නොපැමිණියාවූ බර නොඋසුලයිද යන (දෙදෙනයි). “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 3.
50. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අකැප වස්තුවෙහි කැපය යන හැඟීම ඇත්තේද, යමෙක් කැප වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 4.
51. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අකැප වස්තුවෙහි අකැපය යන හැඟීම ඇත්තේද, යමෙක් කැප වස්තුවෙහි කැපය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 5.
52. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් ඇවැත් (වැරදි) නොවූ දෙයෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත් නොවේය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 6.
53. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් ඇවැත් නොවූ දෙයෙහි ඇවැත් නොවේය යන හැඟීම ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත්ය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 7.
54. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අධර්‍මයෙහි ධර්‍මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්‍මයෙහි අධර්‍මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 8.
55. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අධර්‍මයෙහි අධර්‍මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්‍මයෙහි ධර්‍මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 9.
56. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විනය නොවූයෙහි විනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූයෙහි අවිනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 10.
57. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විනය නොවූ දෙයෙහි අවිනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”