දෙවන පනස.
(6) 1. පුද්ගල වර්ගය
2. 2. 6. 1.
සැවැත් නුවර නිදානයි.
1. “මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.
කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.”
2. 2. 6. 2.
2. “මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝව උපදින්නාහු, ආශ්චර්ය්ය මනුෂ්යයෝව උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. තථාගතවූ, අර්හත්වූ, සම්යක් සම්බුද්ධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, ආශ්චර්ය්ය මනුෂ්යයෝව උපදිත්.”
2. 2. 6. 3.
3. “මහණෙනි, පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්රියාව මහජනයාට සිත් තැවුල්වේ. කවර දෙදෙනෙක්හුගේද යත්, තථාගතවූ, අර්හත්වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේගේද, සක්විති රජහුගේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්රියා තොමෝ මහජනයාහට සිත් තැවුල් වේ.”
2. 2. 6. 4.
4. “මහණෙනි, මේ දෙදෙනෙක් චෛත්යයට සුදුස්සෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, තථාගතවූ, අර්හත්වූ සම්යක් සම්බුද්ධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන ථූපයට සුදුස්සෝ වෙත්.”
2. 2. 6. 5.
5. “මහණෙනි, මේ බුදුවරයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද? තථාගතවූ අර්හත්වූ, සම්මා සම්බුද්ධ තෙමේද, පසේබුදු තෙමේද යන දෙදෙනෙයි. මහණෙනි, මේ දෙදෙන බුදුවරයෝ වෙත්.”
2. 2. 6. 6.
6. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්ෂීණාශ්රව (රහත්) භික්ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.”
2. 2. 6. 7.
7. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්ෂීණාශ්රව (රහත්) භික්ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.”
2. 2. 6. 8.
8. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි බිය නොවෙත්. කවර දෙදෙනෙක්ද යත්. ක්ෂීණාශ්රව (රහත්) භික්ෂු තෙමේද, මෘගරාජවූ සිංහ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙනා වනාහි, හෙන පුපුරණ කල්හි බිය නොවෙත්.”