2. 2. 7. 2.
15. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කාම සැපයද, නෛෂ්ක්‍රම්‍ය සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නෛෂ්ක්‍රම්‍ය සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 3.
16. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ලෞකික සැපයද, ලොකොත්තර සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ලොකොත්තර සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 4.
17. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආශ්‍රව සහිතවූ (සංසාර) සැපයද, ආශ්‍රව රහිතවූ (නිර්‍වාණ) සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අනාසව සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 5.
18. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කාමාදී ආශ්‍රව සහිත සැපයද, කාම රහිත (නික්ලේශීවූ) නිවන් සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නිරාමිස සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 6.
19. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආර්‍ය්‍යයන් පිළිබඳ සැපයද, අනාර්‍ය්‍ය (පෘථග්ජන)යන් පිළිබඳ සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ආර්‍ය්‍ය සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
2. 2. 7. 7.
20. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කය පිළිබඳ සැපයද, චෛතසික සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ චෛතසික සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 8.
21. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ප්‍රීති සහගත සැපයද, ප්‍රීති රහිත (නිෂ්ප්‍රීතික) සැපයද යන දෙකයි. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ විවිධවූ සැපයන් අතුරෙන් යම් මේ ප්‍රීති රහිත (නිෂ්ප්‍රීතික) සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 9.
22. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ප්‍රථම, වීතීය, තෘතීය ධ්‍යානයන් පිළිබඳ ඎත සැපයද, (චතුර්ත්‍ථද්‍ධ්‍යානය පිළිබඳ) උපෙක්‍ෂා සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ (චතුර්ත්‍ථධ්‍යානය පිළිබඳ) උපෙක්‍ෂා සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
2. 2. 7. 10.
23. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සමාධි (සහිත) සැපයද, අසමාධි (සහිත) සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ සමාධි සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
2. 2. 7. 11.
24. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ප්‍රීතිය අරමුණුකොට උපන් (ප්‍රථම ද්වීතීය ධ්‍යාන) සැපයද, ප්‍රීතියෙන් පහව උපන් (තෘතීය චතුර්ත්‍ථ ධ්‍යාන) සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ ප්‍රීති විරහිත සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
2. 2. 7. 12.
25. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සාතාරම්මණවූ (ප්‍රථමාදී ත්‍රිවිධ ධ්‍යානයන් අරමුණුකොට උපන්) සැපයද, (චතුර්ත්‍ථධ්‍යානය අරමුණුකොට උපන්) උපෙක්‍ෂාරම්මණ සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ උපෙක්‍ෂාරම්මණ සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
2. 2. 7. 13.
26. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (රූපාවචර චතුර්ත්‍ථ ධ්‍යානය අරමුණුකොට) රූපයන් අරභයා උපන් සැපයද, (අරූපාවචර ධ්‍යානයන් අරමුණුකොට) අරූපයන් අරභයා උපන් සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අරූප ධ්‍යානයන් අරමුණුකොට උපන් සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
දෙවෙනි වර්‍ගය නිමි.