2. 2. 7. 13.
26. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, (රූපාවචර චතුර්ත්‍ථ ධ්‍යානය අරමුණුකොට) රූපයන් අරභයා උපන් සැපයද, (අරූපාවචර ධ්‍යානයන් අරමුණුකොට) අරූපයන් අරභයා උපන් සැපයද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්. මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ අරූප ධ්‍යානයන් අරමුණුකොට උපන් සැපයක් වේද, මේ සැපය අග්‍රය.”
දෙවෙනි වර්‍ගය නිමි.
(8) 3. සනිමිත්ත වර්‍ගය
2. 2. 8. 1.
සාවත්ථි නිදානයි
27. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ කරුණු සහිතවම උපදිත්. කරුණු රහිතව නූපදිත්. එම කාරණයාගේ දුරුකිරීමෙන් මෙසේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 2.
28. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ නිදාන සහිතවම උපදිත්. නිදාන රහිතව නූපදිත් ඒ නිදානයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “
2. 2. 8. 3.
29. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ හේතු සහිතවම උපදිත්, හේතු රහිතව නූපදිත් ඒ හේතුහුගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “
2. 2. 8. 4.
30. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ ප්‍රත්‍යය සහිතවම උපදිත්. ප්‍රත්‍යය රහිතව නූපදිත්. ඒ දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “
2. 2. 8. 5.
31. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ රූප (හේතු) සහිතවම උපදිත්. රූප රහිතව නූපදිත්. ඒ කාරණයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 6.
32. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ වේදනා සහිතවම උපදිත්. වේදනා රහිතව නූපදිත්. ඒ වේදනාවන්ගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 7.
33. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ සංඥා සහිතවම උපදිත්. සංඥා රහිතව නූපදිත්. ඒ සංඥාවගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”
2. 2. 8. 8.
34. “මහණෙනි, ලාමකවූ අකුසල ධර්‍මයෝ සංස්කාර සහිතවම උපදිත්. සංස්කාර රහිතව නූපදිත්. ඒ සංස්කාරයාගේම දුරුකිරීමෙන් මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “