2. 2. 6. 6.
6. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.”
2. 2. 6. 7.
7. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.”
2. 2. 6. 8.
8. “මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි බිය නොවෙත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, මෘගරාජවූ සිංහ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙනා වනාහි, හෙන පුපුරණ කල්හි බිය නොවෙත්.”
2. 2. 6. 9.
9. “මහණෙනි, මේ කරුණු දෙකක් දක්නාවූ, (සලකන්නාවූ) කින්නරයෝ මිනිස් බස් නොකියත්. කවර දෙකක්ද යත්, බොරු නොකියමු. අන්‍යයෙකුට බොරුවෙන් නින්‍දා නොකරමු. මහණෙනි, මේ කරුණු දෙක බලමින් කින්නරයෝ මිනිස් බස් නොකියත්.”
2. 2. 6. 10.
10. “මහණෙනි, කරුණු දෙකක් සම්බන්‍ධව තෘප්තියට නොපැමිණී, පසුබැසීම් නැතිව, (සාමාන්‍ය) ස්ත්‍රිය මැරෙයි. කවර කරුණු දෙකක් සම්බන්‍ධවද යත්, මෙවුන්දම් සෙවීම සම්බන්‍ධවද, වැදීම සම්බන්‍ධවද වෙත්. මහණෙනි, මේ දෙයාකාර ධර්‍මයන් සම්බන්‍ධව තෘප්ති රහිතවූ, පසුබැසීම් නැත්තාවූ ස්ත්‍රිය වනාහි කලුරිය කෙරේ.”
2. 2. 6. 11.
11. “මහණෙනි, තොපට අසත් පුරුෂයන්ගේ සමාගමයද, සත්මුරුෂයන්ගේ සමාගමයද දේශනා කරන්නෙමි. ඒ අසව්. යහපත්කොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි. “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, කෙසේනම් අසත්පුරුෂයන්ගේ සහවාසය වේද, කෙසේනම් අසත්පුරුෂයෝ සමග වෙසෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂු නමකට මෙබඳු සිතක් වෙයි. “ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.) “මධ්‍යම භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරමි. “මධ්‍යම භික්‍ෂුවටද මෙබඳු සිතක් වෙයි. ‘ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.) මධ්‍යම භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරමි.’ “නවක භික්‍ෂුවටද මෙබඳු සිතක් වෙයි. ‘ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.) මධ්‍යම භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරමි.’ “මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂයන්ගේ සහවාසය වෙයි. මෙසේම අසත්පුරුෂයෝ සමග වෙසෙත්.