2. 2. 6. 10.
10. “මහණෙනි, කරුණු දෙකක් සම්බන්ධව තෘප්තියට නොපැමිණී, පසුබැසීම් නැතිව, (සාමාන්ය) ස්ත්රිය මැරෙයි. කවර කරුණු දෙකක් සම්බන්ධවද යත්, මෙවුන්දම් සෙවීම සම්බන්ධවද, වැදීම සම්බන්ධවද වෙත්. මහණෙනි, මේ දෙයාකාර ධර්මයන් සම්බන්ධව තෘප්ති රහිතවූ, පසුබැසීම් නැත්තාවූ ස්ත්රිය වනාහි කලුරිය කෙරේ.”
2. 2. 6. 11.
11. “මහණෙනි, තොපට අසත් පුරුෂයන්ගේ සමාගමයද, සත්මුරුෂයන්ගේ සමාගමයද දේශනා කරන්නෙමි. ඒ අසව්. යහපත්කොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි. “එසේය ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, කෙසේනම් අසත්පුරුෂයන්ගේ සහවාසය වේද, කෙසේනම් අසත්පුරුෂයෝ සමග වෙසෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂු නමකට මෙබඳු සිතක් වෙයි. “ස්ථවිර භික්ෂුවක් මට යමක් නොකියාවා. මධ්යම භික්ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්ෂුවට නොකියන්නෙමි. මම මධ්යම භික්ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්යයයි) දන්නේ නමුදු ඊට ප්රතිකර්ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.) “මධ්යම භික්ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්යයයි දන්නේ නමුදු ඊට ප්රතිකර්ම නොකරමි. “මධ්යම භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. ‘ස්ථවිර භික්ෂුවක් මට යමක් නොකියාවා. මධ්යම භික්ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්ෂුවට නොකියන්නෙමි. මම මධ්යම භික්ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්යයයි) දන්නේ නමුදු ඊට ප්රතිකර්ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.) මධ්යම භික්ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්යයයි දන්නේ නමුදු ඊට ප්රතිකර්ම නොකරමි.’ “නවක භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. ‘ස්ථවිර භික්ෂුවක් මට යමක් නොකියාවා. මධ්යම භික්ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්ෂුවට නොකියන්නෙමි. මම මධ්යම භික්ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමේයි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්යයයි) දන්නේ නමුදු ඊට ප්රතිකර්ම නොකරන්නෙමි’ යි (කියා මෙබඳු සිතක් උපදී.) මධ්යම භික්ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්යයයි දන්නේ නමුදු ඊට ප්රතිකර්ම නොකරමි.’ “මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂයන්ගේ සහවාසය වෙයි. මෙසේම අසත්පුරුෂයෝ සමග වෙසෙත්.
“මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයන්ගේ සහවාසය වේද, කෙසේ නම් සත්පුරුෂයන් (සමග) වෙසෙද්ද?
මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්ෂුවකට මෙබඳු අදහසක් වෙයි. “ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. මධ්යම භික්ෂු තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. නවක භික්ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා. මම ස්ථවිර භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්යම භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් හිත කැමැත්තෙන් කරන්නේය. අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට ‘මැනව, තොප කීයේ යහපතැ’ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්රතිකර්ම කරන්නෙමි’ යි කියායි. “මධ්යම භික්ෂුතෙමේද මට (අවවාද) කියන්නේ නම්, නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම් හිත අනුකම්පාව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව කින්නේය. හිත කැමතිව කියන්නේය. (පිළිපැදීමෙන් ඕහට වෙහෙසද නොකරමි. ඔහුගේ වචනය සත්යයයි දන්නේ ඊට ප්රතිකර්ම කරමි. නවක භික්ෂු තෙමේද මට අවවාද වශයෙන් කියන්නේ, හිත කැමැත්තෙන්ම කියන්නේය. අහිත කැමැත්තෙන් නොකියන්නේය. මම ඕහට ‘මැනව, තොප කීයේ යහපතැ’ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දුටුයේ ඊට ප්රතිකර්මද කරන්නෙමි’ යි කියායි. “මධ්යම භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. මධ්යම භික්ෂු තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. නවක භික්ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා. මම ස්ථවිර භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්යම භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් හිත කැමැත්තෙන් කරන්නේය. අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට ‘මැනව, තොප කීයේ යහපතැ’ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්රතිකර්ම කරන්නෙමි’ යි කියායි. මධ්යම භික්ෂුතෙමේද මට (අවවාද) කියන්නේ නම්, නවක භික්ෂු තෙමේත් මට කියන්නේ නම් හිත අනුකම්පාව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව කින්නේය. හිත කැමතිව කියන්නේය. (පිළිපැදීමෙන්) ඕහට වෙහෙසද නොකරමි. ඔහුගේ වචනය සත්යයයි දන්නේ ඊට ප්රතිකර්ම කරමි. නවක භික්ෂු තෙමේද මට අවවාද වශයෙන් කියන්නේ, හිත කැමැත්තෙන්ම කියන්නේය. අහිත කැමැත්තෙන් නොකියන්නේය. මම ඕහට ‘මැනව, තොප කීයේ යහපතැ’ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දුටුයේ ඊට ප්රතිකර්මද කරන්නෙමි’ යි කියායි. “නවක භික්ෂුවටද මෙබඳු සිතක් වෙයි. ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. මධ්යම භික්ෂු තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. නවක භික්ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා. මම ස්ථවිර භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්යම භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් හිත කැමැත්තෙන් කරන්නේය. අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට ‘මැනව, තොප කීයේ යහපතැ’ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්රතිකර්ම කරන්නෙමි’ යි කියායි. “මහණෙනි, සත්පුරුෂයන් සහවාසය වනාහි මෙසේ වෙයි. මෙසේම සත්පුරුෂයෝ වාසය කෙරෙත්.”
2. 2. 6. 12.
12. “මහණෙනි, යම් විනිශ්චයකට එළඹි කරුණෙක්හි (අධිකරණයෙක) දෙපසෙහි පවත්නා වචන හුවමාරුවද, දෘෂ්ටිය නිසා උපන් තදපරුෂ බවද, සිතේ කෝපයද, දොම්නස හා අනුන්ගේ සැපතෙහි නොසතුටුවීම ඇතිවේද; (ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස) මනාකොට නොසංසිඳුනේ වේද; මහණෙනි, ඒ අධිකරණයෙහි මෙබන්දක් අවශ්යයෙන් සිදු වන්නේය. (ඒ අධිකරණය) බොහෝ කල් පැවැත්ම පිණිසද, නපුරුකම හා චණ්ඩභාවය පිණිසද වන්නේය. (ඊට මැදහත්වූ) භික්ෂූහුද සැපසේ වාසය නොකරන්නාහුය. (යනුයි.)
2. 2. 6. 13.
13. “මහණෙනි, යම් අධිකරණයෙක දෙපාර්ශ්වයෙහි ආක්රොශාදී වශයෙන් පවත්නා වචන හුවමාරුවද, දෘෂ්ටිය නිසා උපන් තද පරුෂ බවද, සිතේ කෝපයද, දොම්නසද, අනුන්ගේ සැපතෙහි නොසතුටුවීමද ඇතිවේද; (ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස) මනාකොට සංසිඳුනේ වේද; මහණෙනි, ඒ අධිකරණයෙහි මෙබන්දක් අවශ්යයෙන් සිදු වන්නේය. (ඒ අධිකරණය) බොහෝකල් නොපවතී. කෲර භාවය, චණ්ඩභාවය පිණිසද නොපවතී. (ඊට මැදහත්වූ) භික්ෂූහුද සැපසේ වාසය කරන්නාහුය. (යනුයි.)
පළමුවන වර්ගය නිමි.