2. 2. 10. 6.
53. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් ඇවැත් නොවූ දෙයෙහි ඇවැත් නොවේය යන හැඟීම ඇත්තේද, යමෙක් ඇවැත්වූ දෙයෙහි ඇවැත්ය යන හැඟීම ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 7.
54. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අධර්‍මයෙහි ධර්‍මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්‍මයෙහි අධර්‍මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 8.
55. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් අධර්‍මයෙහි අධර්‍මය යන සංඥා ඇත්තේද, යමෙක් ධර්‍මයෙහි ධර්‍මය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 9.
56. “මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විනය නොවූයෙහි විනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූයෙහි අවිනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ (අඥානයෝ) වෙත්.”
2. 2. 10. 10.
57. “මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විනය නොවූ දෙයෙහි අවිනය යන සංඥා ඇත්තේද, යමෙක් විනය වූවෙහි විනය යන සංඥා ඇත්තේද (යන දෙදෙනයි.) “මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.”
2. 2. 10. 11.
58. “මහණෙනි, දෙදෙනෙකුන්හට ක්ලේශයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කුකුස් නොකටයුතු දෙයෙහි කුකුස් කෙරේද, යමෙක් කුකුස් කටයුත්තෙහි කුකුස් නොකෙරේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 12.
59. “මහණෙනි, දෙදෙනෙකුන්හට ක්ලේශයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කුකුස් නොකටයුත්තෙහි කුකුස් නොකරයිද, යමෙක් කුකුස් කටයුත්තෙහි කුකුස් කරයිද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
2. 2. 10. 13.
60. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් කැප නොවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 14.
61. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අකැපවූ දෙයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේද, යමෙක් කැපවූ දෙයෙහි කැපය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
2. 2. 10. 15.
62. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්: යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත් වූවෙහි ඇවැත් නැත යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 16.
63. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්හටද යත්: යමෙක් ඇවැත් නුවූවෙහි ඇවැත් නොවේය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ඇවැත් වූවෙහි ඇවැත්ය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”
2. 2. 10. 17.
64. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අධර්‍ම වූවෙහි ධර්‍මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්‍ම වූවෙහි අධර්‍මය යන සංඥා ඇත්තේ වේද (යන මේ දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ වැඩෙත්.”
2. 2. 10. 18.
65. “මහණෙනි, දෙදෙනෙකුන්හට ආශ්‍රවයෝ නොවැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්: යමෙක් අධර්‍ම වූවෙහි අධර්‍මය යන සංඥා ඇත්තේ වේද, යමෙක් ධර්‍ම වූවෙහි ධර්‍මය යන සංඥා ඇත්තේ වේද (යන දෙදෙනාටයි.) “මහණෙනි, මේ දෙදෙනාට වනාහි ක්ලේශයෝ නොවැඩෙත්.”