11. 4. 2-10.
මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් ක්‍ෂය කිරීම පිණිස, දුරු කිරීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, විනාශය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, හැර දැමීම පිණිස, දුරලීම පිණිස, මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහුයයි වදාළේය.
11. 4. 11-170.
ද්වේෂයාගේ -පෙ- මෝහයාගේ -පෙ- ක්‍රෝධයාගේ -පෙ- බද්ධ වෛරයේ (උපනාහ) -පෙ- ගුණමකු බවේ (මක්ඛ) -පෙ- උතුමන් හා තමා සම කිරීමේ (පලාස) -පෙ- ඊර්ෂ්‍යාවේ -පෙ- මසුරුකමේ -පෙ- මායාවේ -පෙ- කෛරාටිකකමේ (සාඨෙය්‍ය) -පෙ- තද ගතියේ (ථම්භ) -පෙ- එකට එක කිරීමේ (සාරම්භ) -පෙ- මානයේ -පෙ- අධික මානයේ (අතිමාන) -පෙ- මදයේ -පෙ- ප්‍රමාදයේ විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- මුළුමනින් ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- නැති කිරීම (වය) පිණිස -පෙ- විරාගය පිණිස -පෙ- නිරෝධය පිණිස -පෙ- අත්හැරීම පිණිස -පෙ- දුරු කිරීම පිණිස මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.”
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
සූත්‍ර නව දහසක්ද අධිකවූ පන්සියයක්ද, සත් පණසක්ද, සූත්‍රාන්තයෝ අඞ්ගුත්තර නිකායෙහි යුක්තවූවාහුය
එකොළොස්වන නිපාතය නිමි.
අඞ්ගුත්තරනිකායො සමත්තො.