11. 2. 11.
දුතිය සාරීපුත්ත සමාධි ලාභ සූත්රය
[සාවත්ථි]
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරතෙම භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය.
“ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්රතිලාභයෙක් භික්ෂූහට වන්නේදැ” යි ඇසීය.
“ඇවැත්නි, අපි වනාහි දුර සිටද ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහි මෙබඳුවූ භාෂිතයාගේ අත්ර්ථය දැනගන්ට එන්නෙමු. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේටම මේ භාෂිතයාගේ අත්ර්ථය වැටහේවා. ඒ මැනව. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේගෙන් අසා භික්ෂූ එය දරන්නාහුය” යි කීහ.
“ඇවැත්නි, එසේ නම් අසව්. යහපත්කොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි කීය. “ඇවැත්නි, එසේය” යි කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම මෙය වදාළේය.
“ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්රතිලාභයෙක් භික්ෂූහට වන්නේය” යි කීයේය.
“ඇවැත්නි, ශාරීපුත්ර ස්ථවිරයන් වහන්ස, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්රතිලාභයෙක් ඒ කෙසේ නම් භික්ෂූහට වන්නේදැ” යි ඇසූහ.
“ඇවැත්නි මේ ශාසනයෙහි භික්ෂු තෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම ඇත්තාවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීම ඇත්තාවූ, තෘෂ්ණා ක්ෂයවීම ඇත්තාවූ, විරාගය ඇත්තාවූ, නිරෝධය ඇත්තාවූ නිර්වාණයක් වේද, මෙය ශාන්තය, මෙය ප්රණීතයයි මෙබඳු සංඥා ඇත්තේ වේද, ඇවැත්නි, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද? ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද? තේජසෙහි තේජස යන සංඥා ඇත්තේ නොවන්නේද? වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද? ආකාශානඤ්චායතනයෙහි ආකාශානඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද? විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා සමාපත්තියෙහි මෙලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? පරලොව උපදනා සමාපත්තියෙහි පරලොව උපදනා සමාපත්තිය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලදය, අසන ලදය, ස්පර්ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද? එබඳුවූ සමාධි ප්රතිලාභයෙක් මෙසේ වනාහි භික්ෂූහට වන්නේය” යි කීයේය.
අනුස්සති වර්ගය නිමි.
එහි උද්දානය:
මහානාම සූත්ර දෙක ද, නන්දිය, සුභූති සහ මෙත්තා සූත්ර ද, දසවැන්න වූ ගෝපාල සූත්රය ද, සමාධි සූත්ර හතර ද වේ.