11. 1. 6.
ව්යසන සූත්රය
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම සමාන බඹසර ඇත්තවුන්ට ආක්රෝෂ පරිභව කරන්නේ ආර්ය්යයන්ට දොස් කියන්නේ වේද, හෙතෙම එකොළොස් වැදෑරුම් ව්යසනයන් අතුරෙන් එක්තරා ව්යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිතයි අවකාශ නැත්තේය. කවර නම් එකොළසකටද යත්:
නොලබන ලද්ද නොලබයි. ලබන ලද්දෙන් පිරිහෙයි. සද්ධර්මය පැහැදිළි නොවෙයි. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි. නො ඇථනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා කිථටුවූ ඇවතකට හෝ පැමිණෙයි. ශික්ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්ශ කරයි. චිත්ත වික්ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම ආය්රේයාපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්යසනයන් අතුරෙන් එක්තරා ව්යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිත වේ. අවකාශ රහිත වේ යයි වදාළ සේක.”
11. 1. 7.
පඨම සඤ්ඤා සූත්රය
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂමත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:
“ස්වාමීනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජසෙහි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මේ ලෝකයෙහි උපදනා ධ්යානයෙහි මේ ලෝකයෙහි උපදනා ධ්යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්යානයෙහි, පරලොව උපදනා ධ්යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? යම්බඳුවූ මේ දක්නා ලද්දය, අසන ලද්දය, ස්පර්ශ කරණ ලද්දය, දැනගන්නා ලද්දය, පැමිණෙන ලද්දය, සොයන ලද්දය, සිතින් අනුව හැසිරෙන ලද්දය, යන යමක් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥාව ඇත්තේ වන්නේද, එබඳුවු සමාධි ප්රතිලාභයෙක් භික්ෂුහට වන්නේදැ” යි ඇසුවේය.