11. 1. 7.
පඨම සඤ්ඤා සූත්‍රය
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූ ආයුෂමත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය:
“ස්වාමීනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජසෙහි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුවෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මේ ලෝකයෙහි උපදනා ධ්‍යානයෙහි මේ ලෝකයෙහි උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? යම්බඳුවූ මේ දක්නා ලද්දය, අසන ලද්දය, ස්පර්‍ශ කරණ ලද්දය, දැනගන්නා ලද්දය, පැමිණෙන ලද්දය, සොයන ලද්දය, සිතින් අනුව හැසිරෙන ලද්දය, යන යමක් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද? එතකුදු වුවත් සංඥාව ඇත්තේ වන්නේද, එබඳුවු සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේදැ” යි ඇසුවේය.
“ආනන්‍දය, භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය: යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජසය යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යාන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැන ගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් එහිද සංඥා ඇත්තේත් වන්නේද.”
“ස්වාමීනි, යම් සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වායුව කෙරෙහි වායුව යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද? මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද? දක්නා ලද, අසන ලද, ස්පර්‍ශ කරණ ලද, දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් අනුව හැසිරෙන ලද, මේ යමකුත් වේද, එහිද සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, එබඳුවූ සමාධි ප්‍රතිලාභයෙක් භික්‍ෂුහට ඒ කෙසේ නම් වන්නේදැ” යි විචාළේය.
“ආනන්‍දය, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම යම් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමවූ, සියලු කෙළෙසුන්ගේ දුරලීමවූ, තෘෂ්ණාව නැසීමවූ, නො ඇල්මවූ, නිරෝධයවූ, නිවණක් වේද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතයයි මෙබඳු සංඥා ඇත්තේ වේද, ආනන්‍දය, යම්සේ පෘථිවියෙහි පෘථිවිය යන සංඥා ඇත්තේ නොමවන්නේද, ජලයෙහි ජලය යන සංඥා ඇත්තේ නොවන්නේද, තෙජස්හි තෙජස යන සංඥා ඇත්තේ නොවන්නේද, වාතයෙහි වාතය යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකාශානඤචායතනයෙහි ආකාශානඤචායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන යන සංඥා ඇත්තේ නොවන්නේද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන සංඥා ඇත්තේ නොවන්නේද, මෙලොව උපදනා ධ්‍යානයෙහි මෙලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, පරලොව උපදනා ධ්‍යානයෙහි, පරලොව උපදනා ධ්‍යානය යන සංඥා ඇත්තේ නොවන්නේද, දක්නා ලදය, අසන ලදය, ස්පර්‍ශ කරණ ලදය, දැනගන්නා ලදය, පැමිණෙන ලදය, සොයන ලදය, සිතින් අනුව හැසිරෙන ලදය, යන මේ යමකුත් වේද, එහිදු සංඥා ඇත්තේ නොවන්නේද, එතකුදු වුවත් සංඥා ඇත්තේත් වන්නේද, මෙසේ වනාහි භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයක් වන්නේය” යි වදාළේය.