11. 1. 5.
5. තතිය උපනිස සූත්රය
5. එකල්හි වනාහි ආයුෂමත් ආනන්ද ස්ථවිර තෙම, “ඇවැත් මහණෙනි,” කියා භික්ෂූන්ට ආමන්ත්රණය කෙළේය. “ඇවැත්නි” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම මෙය ප්රතාශ කෙළේය. “ඇවැත්නි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්රීතිය නැති කල්හි ප්රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් විපතට පැමිණියේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණවීමට නොපැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට නොපැමිණේද, මහණෙනි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්රීතිය නැති කල්හි ප්රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්යක් සමාධිය නැති කල්හි සම්යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
“ඇවැත්නි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්රමොද්යය කරුණු සහිත වේ. ප්රමොද්යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්රීතිය කරුණ සහිත වේ. ප්රීතිය ඇති කල්හි ප්රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්යක් සමාධිය කරුණු සහිත වේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
“ඇවැත්නි, යම් සේ වෘක්ෂය තෙම අතුපතරින් ගැවසීගත්තේ ඒ වෘක්ෂයාගේ පතුරුද සම්පූර්ණබවට පැමිණේද, පොත්තද, ඵලයද, හරයද සම්පූර්ණවීමට යේද, ඇවැත්නි, එපරිද්දෙන්ම සීල සම්පන්න සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිතවේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්රමුදිතභාවය කරුණු සහිත වේ. ඇවැත්නි, සීල සම්පන්නවූ සිල්වත්හුගේ නොවිපිළිසරවීම කරුණු සහිත වේ. නොවිපිළිසරවීම ඇති කල්හි නොවිපිළිසරවීමෙන් යුක්තවූවහුගේ ප්රමොද්යය කරුණු සහිත වේ. ප්රමොද්යය ඇති කල්හි ප්රමුදිතභාවයෙන් යුක්තවූවහුගේ ප්රීතිය කරුණ සහිත වේ. ප්රීතිය ඇති කල්හි ප්රීතියෙන් යුක්තවූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්තවූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්තවූවහුගේ සම්යක් සමාධිය කරුණු සහිත වේ. සම්යක් සමාධිය ඇති කල්හි සම්යක් සමාධියෙන් යුක්තවූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වු පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්තවූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නො ඇල්ම කරුණු සහිත වේ. නො ඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීමට නුවණින් දැකීම කරුණු සහිතවේ.
11. 1. 6.
ව්යසන සූත්රය
“මහණෙනි, යම් ඒ භික්ෂුවක් තෙම සමාන බඹසර ඇත්තවුන්ට ආක්රෝෂ පරිභව කරන්නේ ආර්ය්යයන්ට දොස් කියන්නේ වේද, හෙතෙම එකොළොස් වැදෑරුම් ව්යසනයන් අතුරෙන් එක්තරා ව්යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිතයි අවකාශ නැත්තේය. කවර නම් එකොළසකටද යත්: