11. 1. 4.
4. දුතිය උපනිස සූත්‍රය
එකල්හි වනාහි ආයුෂමත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, “ඇවැත් මහණෙනි,” කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “කිමෙක්ද? ඇවැත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය ප්‍රතාශ කෙළේය.
“ඇවැත්නි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්‍ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්‍ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
ඇවැත්නි, යම් සේ අතු පතරින් විපත් වූ ගසක් වේද, එහි පතුරුද සම්පූර්ණ බවට නොයයි, පොත්තද එළයද හරයද සම්පූර්ණ බවට නොයයි. ඇවැත්නි, එපරිද්දෙන්ම සීලයෙන් විපතට පැමිණි දුශ්ශීලයාගේ නොවිපිළිසර බව නසන ලද කරුණු ඇත්තේ වෙයි. නොවිපිළිසර බව නැති කල්හි නොවිපිළිසර බවින් විපතට පැමිණියහුගේ ප්‍රමෝදය නසන ලද කරුණු ඇත්තේ වෙයි. -පෙ- කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ නුවණින් දැකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.
ඇවැත්නි, සීල සම්පන්න වූ සිල්වත්හුගේ නොවිපිළිසර බව කරුණු සහිත වේ. නොවිපිළිසර බව ඇති කල්හි නොවිපිළිසර බවින් යුක්ත වූවහුගේ ප්‍රමෝදය කරුණු සහිත වේ. ප්‍රමෝදය ඇති කල්හි ප්‍රමෝදයෙන් යුක්ත වූවහුගේ ප්‍රීතිය කරුණු සහිත වේ. ප්‍රීතිය ඇති කල්හි ප්‍රීතියෙන් යුක්ත වූවහුගේ සන්සිඳීම කරුණු සහිත වේ. සන්සිඳීම ඇති කල්හි සන්සිඳීමෙන් යුක්ත වූවහුගේ සැපය කරුණු සහිත වේ. සැපය ඇති කල්හි සැපයෙන් යුක්ත වූවහුගේ සම්‍යක් සමාධිය කරුණු සහිත වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි සම්‍යක් සමාධියෙන් යුක්ත වූවහුගේ තත්වූ පරිදි නුවණින් දැකීම කරුණු සහිත වේ. තත්වූ පරිදි නුවණින් දැකීම ඇති කල්හි තත්වූ පරිදි නුවණින් දැකීමෙන් යුක්ත වූවහුගේ කලකිරීම කරුණු සහිත වේ. කලකිරීම ඇති කල්හි කලකිරීමෙන් යුක්ත වූවහුගේ නොඇල්ම කරුණු සහිත වේ. නොඇල්ම ඇති කල්හි නොඇල්මෙන් යුක්ත වූවහුගේ කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ නුවණින් දැකීම කරුණු සහිත වේ.
ඇවැත්නි, යම් සේ අතු පතරින් සම්පූර්ණ වූ ගසක් වේද, එහි පතුරුද සම්පූර්ණ බවට යයි, පොත්තද එළයද හරයද සම්පූර්ණ බවට යයි. ඇවැත්නි, එපරිද්දෙන්ම සීල සම්පන්න වූ සිල්වත්හුගේ නොවිපිළිසර බව කරුණු සහිත වේ. නොවිපිළිසර බව ඇති කල්හි නොවිපිළිසර බවින් යුක්ත වූවහුගේ ප්‍රමෝදය කරුණු සහිත වේ. -පෙ- කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ නුවණින් දැකීම කරුණු සහිත වේ.
11. 1. 5.
5. තතිය උපනිස සූත්‍රය
එකල්හි වනාහි ආයුෂමත් ආනන්‍ද ස්ථවිර තෙම, “ඇවැත් මහණෙනි,” කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කෙළේය. “ඇවැත්නි” යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට උත්තර දුන්හ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම මෙය ප්‍රතාශ කෙළේය. “ඇවැත්නි, සීල විපත්තියට පැමිණියාවූ දුශ්ශීලයාගේ නොවිපිළිසරවීම නසනලද කරුණු ඇත්තේ වෙයි. කරුණු රහිතව නොවිපිළිසරවීම නැති කල්හි පුමුදිත භාවයාගේ විපතට පැමිණියහුගේ ප්‍රීති තොමෝ නසනලද කරුණු ඇත්තී වෙයි. ප්‍රීතිය නැති කල්හි ප්‍රීතියෙන් විපතට පැමිණියහුගේ සන්සිඳීම තොමෝ නසන ලද කරුණු ඇත්තී වේ. සන්සිඳීම නැති කල්හි සන්සිඳීමෙන් විපතට පැමිණියහුගේ සැපය නසන ලද කරුණු ඇත්තේ වේ. සැපය නැති කල්හි සැපයෙන් විපතට පැමිණියහුගේ සම්‍යක් සමාධිය නසන ලද කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි සම්‍යක් සමාධියෙන් විපතට පැමිණියහුගේ යථාභූත ඥාන දර්‍ශනය නසන ලද කරුණු ඇත්තේ වේ. යථාභූත ඥාන දර්‍ශනය නැති කල්හි යථාභූත ඥානයෙන් විපතට පැමිණියහුගේ කලකිරීම් නසන ලද කරුණු ඇත්තී වෙයි. කලකිරීම නැති කල්හි කලකිරීමෙන් විපතට පැමිණියහුගේ නො ඇල්ම නසන ලද කරුණු ඇත්තේ වෙයි. නො ඇල්ම නැති කල්හි නො ඇල්මෙන් විපතට පැමිණියහුගේ කෙළෙසුන්ගෙන් මිදීම නුවණින් සැළකීම නසන ලද කරුණු ඇත්තේ වෙයි.