10. 5. 2. 3.
තුන්වන සූත්‍රය
“මහණෙනි, ධර්‍ම තිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. කවර තිසකින්ද යත්:
තමාද සතුන් නැසීමෙන් යුක්තවූයේ වේ. අනුන්ද සතුන් නැසීමෙහි සමාදන් කරවයි. සතුන් නැසීමෙහි එකඟවූයේ වෙයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන්, බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්‍රෝධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වරදි දැකිමට එකඟ වූයේ වේද, මහණෙනි, මේ ධර්‍ම තිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ නරකයෙහි වේ.
“මහණෙනි, තිස් ධර්‍මයකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දක් මෙන් ස්වර්‍ගයෙහි උපදී. කවර තිසකින්ද යත්:
තමාද සතුන් නැසීමෙන් වෙන්වූයේ වේ. අනුන්ද සතුන් මැරීමෙන් වෙන්වීමට සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟවූයේ වේ. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන් (වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද),
තමා ද බොරු කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි, බොරු කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි. තමා ද කේළාම් කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද කේළාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි, කේළාම් කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි. තමා ද පරුෂ වචනයෙන් වැළකුණේ වෙයි, අනුන් ද පරුෂ වචනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි, පරුෂ වචනයෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි. තමා ද හිස් වචනයෙන් (සම්ඵප්‍රලාපයෙන්) වැළකුණේ වෙයි, අනුන් ද හිස් වචනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි, හිස් වචනයෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි. තමා ද අනුන්ගේ දෙයට දැඩි ලෝභ නැත්තේ වෙයි, අනුන් ද දැඩි ලෝභ නැති බවෙහි (අනභිධ්‍යාවෙහි) සමාදන් කරවයි, දැඩි ලෝභ නැති බව අනුමත කරන්නේ ද වෙයි. තමා ද ද්වේෂයෙන් නොදූෂිත සිත් ඇත්තේ වෙයි, අනුන් ද ද්වේෂ නැති බවෙහි (අව්‍යාපාදයෙහි) සමාදන් කරවයි, ද්වේෂ නැති බව අනුමත කරන්නේ ද වෙයි. තමා ද සම්‍යග්දෘෂ්ටික වෙයි, අනුන් ද සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි, සම්‍යග්දෘෂ්ටිය අනුමත කරන්නේ ද වෙයි. මහණෙනි, මේ කරුණු තිහෙන් යුක්ත වූ තැනැත්තා ගෙනැවිත් බහා තැබුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.
10. 5. 2. 4.
සිව්වන සූත්‍රය
“මහණෙනි, ධර්‍ම සතළිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබුවාසේ නරකයෙහි වේ. කවර සතළිසකින්ද යත්:
තමාද සතුන් මරන්නේ වේ. අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙහි එකඟ වෙයි. සතුන් මැරීමෙහි ගුණද කියයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන් (යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද),
බොරු කීමෙන්, කේළාම් කීමෙන් (යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද),