10. 5. 2. 4.
සිව්වන සූත්රය
224. “මහණෙනි, ධර්ම සතළිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබුවාසේ නරකයෙහි වේ. කවර සතළිසකින්ද යත්:
තමාද සතුන් මරන්නේ වේ. අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙහි එකඟ වෙයි. සතුන් මැරීමෙහි ගුණද කියයි. නුදුන් දෙය ගැණීමෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන් (යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද),
බොරු කීමෙන්, කේළාම් කීමෙන් (යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද),
ඵරුෂ වචන කීමෙන්, හිස් වචන දෙඩීමෙන්, තද ලෝභකමින්, ක්රෝධයෙන් යුක්තවූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණද කියාද, තමාද වැරදි දැකීම් ඇත්තේ වේද, අනුන්ද වැරදි දැකීමට සමාදන් කරවයිද, අනුන්ද වැරදි දැකිමට එකඟ වූයේ වේද, අනුන්ටද වැරදි දැකීමෙහි ගුණ කියයිද, මහණෙනි, මේ ධර්ම සතළිහෙන් යුක්තවූයේ, ගෙන එන ලද්ද බහා තබන ලද්දාක් මෙන් මෙසේ නරකයෙහි වේ.
“මහණෙනි, ධර්ම සතළිහකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්ගයෙහි වේ. කවර සතළිසකින්ද යත්:
තමාද සතුන් මැරීමෙන් වෙන්වූයේ වේ. අන්යයන්ද සතුන් මැරීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයි. සතුන් මැරීමෙන් වෙන්වීමට එකඟ වන්නේ වේ. සතුන් මැරීමෙන් වෙන්වීමෙහි ගුණ කියයි. නුදුන් දෙය ගැන්මෙන්, කාමයන්හි වැරදි හැසිරීමෙන් (වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණ කියයිද),
බොරු කීමෙන්, කේළාම් කීමෙන්, ඵරුෂ වචනයෙන් (වෙන්වූයේ වේද, අනුන්ද සමාදන් කරවයිද, එකඟවූයේ වේද, ගුණ කියයිද),