10. 3. 4. 8.
8. තපනීයාතපනීය සූත්‍රය
141. “මහණෙනි, තැවිය යුතු ධර්මයද, නොතැවිය යුතු ධර්මයද තොපට දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, නොතැවිය යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොතැවිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, තැවිය යුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය තැවිය යුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 9.
9. ආචයා පචයගාමී සූත්‍රය
142. “මහණෙනි, තොපට රැස් කිරීමේ ධර්මයද, රැස් නොකිරීමේ ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, රැස් කිරීමේ ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය රැස් කිරීමේ ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, රැස් නොකිරීමේ ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය රැස් නොකිරීමේ ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 10.
10. සුඛදුක්ඛුද්‍රය සූත්‍රය
143. “මහණෙනි, තොපට සුව ගෙන දෙන ධර්මයද, දුක් ගෙන දෙන ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, දුක් ගෙන දෙන ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය දුක් ගෙන දෙන ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සුව ගෙන දෙන ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සුව ගෙන දෙන ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 11.
11. සුඛ දුක්ඛ විපාක සූත්‍රය
144. “මහණෙනි, තොපට සැප විපාක ඇති ධර්මයද, දුක් විපාක ඇති ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, දුක්ඛ විපාක ඇති ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය දුක් විපාක ඇති ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සුව විපාක ඇති ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සැප විපාක ඇති ධර්මයයි කියනු ලැබේ.”
සාධු වර්ගය නිමි.
(15) 5. අරිය වර්‍ගය
10. 3. 5. 1.
1. අරියානරිය මග්ග සූත්‍රය
145. “මහණෙනි, තොපට ආර්ය ධර්මයද, අනාර්ය ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අනාර්ය මාර්ගය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අනාර්ය මාර්ගයයි. “මහණෙනි, ආර්ය මාර්ගය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය ආර්ය මාර්ගයයි කියනු ලැබේ.”
10. 3. 5. 2.
2. කණ්හසුක්ක මග්ග සූත්‍රය
146. “මහණෙනි, තොපට සුදුවූ කුසල් මගද, කළුවූ අකුසල් මගද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කළුවූ අකුසල් මග කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය කළුවූ අකුසල් මගයයි කියනු ලැබේ. “මහණෙනි, සුදුවූ කුසල් මග කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සුදුවූ කුසල් මගයයි කියනු ලැබේ.”
10. 3. 5. 3.
3. සද්‍ධම්මාසද්‍ධම්ම සූත්‍රය
147. “මහණෙනි, තොපට සද්ධර්මයද, අසද්ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කළුවූ අසද්ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අසද්ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සද්ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සද්ධර්මයයි කියනු ලැබේ.”