10. 3. 4. 5.
5. ධම්මාධම්ම සූත්රය
138. “මහණෙනි, තොපට ධර්මයද, අධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 6.
6. සාසවානාසව සූත්රය
139. “මහණෙනි, කෙලෙස් සහිත ධර්මයද, කෙලෙස් රහිත ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කෙලෙස් සහිත ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය කෙලෙස් සහිත ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, කෙලෙස් රහිත ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය කෙලෙස් රහිත ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 7.
7. සාවජ්ජානවජ්ජ සූත්රය
140. “මහණෙනි, තොපට වැරදි සහිත ධර්මයද, වැරදි රහිත ධර්මයද දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, වැරදි සහිත ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය වැරදි සහිත ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, වැරදි රහිත ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය වැරදි රහිත ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 8.
8. තපනීයාතපනීය සූත්රය
141. “මහණෙනි, තැවිය යුතු ධර්මයද, නොතැවිය යුතු ධර්මයද තොපට දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, නොතැවිය යුතු ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොතැවිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, තැවිය යුතු ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය තැවිය යුතු ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 9.
9. ආචයා පචයගාමී සූත්රය
142. “මහණෙනි, තොපට රැස් කිරීමේ ධර්මයද, රැස් නොකිරීමේ ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, රැස් කිරීමේ ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය රැස් කිරීමේ ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, රැස් නොකිරීමේ ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය රැස් නොකිරීමේ ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 10.
10. සුඛදුක්ඛුද්රය සූත්රය
143. “මහණෙනි, තොපට සුව ගෙන දෙන ධර්මයද, දුක් ගෙන දෙන ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, දුක් ගෙන දෙන ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය දුක් ගෙන දෙන ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සුව ගෙන දෙන ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සුව ගෙන දෙන ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 11.
11. සුඛ දුක්ඛ විපාක සූත්රය
144. “මහණෙනි, තොපට සැප විපාක ඇති ධර්මයද, දුක් විපාක ඇති ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, දුක්ඛ විපාක ඇති ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය දුක් විපාක ඇති ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, සුව විපාක ඇති ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සැප විපාක ඇති ධර්මයයි කියනු ලැබේ.”
සාධු වර්ගය නිමි.