10. 3. 4. 2.
2. අරියානරිය සූත්රය
135. “මහණෙනි, තොපට ආර්ය්යයන්ට අයත් ධර්මයද, අනායර්යයන්ට අයත් ධර්මයද, පෘථග්ජන(යන්ට අයත්) ධර්මයද දේශනා කරන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. මහණෙනි, අනාර්ය්යයන්ට අයත් ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මේ අනාර්ය්ය ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, ආර්ය්ය ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ ආර්ය්ය ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 3.
3. කුසලාකුසල සූත්රය
136. “මහණෙනි, තොපට කුශලයද, අකුශලයද දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, අකුශලය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අකුශලයයි කියනු ලැබේ. “මහණෙනි, කුශලය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. “මහණෙනි, මෙය කුශලයයි කියනු ලැබේ.”
10. 3. 4. 4.
4. අත්ථානත්ථ සූත්රය
137. “මහණෙනි, තොපට අර්ථයද, අනර්ථයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අනර්ථය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අනර්ථයයි කියනු ලැබේ. “මහණෙනි, අර්ථය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය අර්ථයයි කියනු ලැබේ.”
10. 3. 4. 5.
5. ධම්මාධම්ම සූත්රය
138. “මහණෙනි, තොපට ධර්මයද, අධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 6.
6. සාසවානාසව සූත්රය
139. “මහණෙනි, කෙලෙස් සහිත ධර්මයද, කෙලෙස් රහිත ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කෙලෙස් සහිත ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය කෙලෙස් සහිත ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, කෙලෙස් රහිත ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය කෙලෙස් රහිත ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 7.
7. සාවජ්ජානවජ්ජ සූත්රය
140. “මහණෙනි, තොපට වැරදි සහිත ධර්මයද, වැරදි රහිත ධර්මයද දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, වැරදි සහිත ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය වැරදි සහිත ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, වැරදි රහිත ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය වැරදි රහිත ධර්මයයි කියනු ලැබේ.”