10. 3. 3. 6.
6. භාවනානුප්පන්න සූත්‍රය
128. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 7.
7. භාවිත මහප්ඵල සූත්‍රය
129. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, මහත් ඵල වෙත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මහත්ඵල වෙත්, මහානිසංස වෙත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 8.
8. භාවිත රාග විනය සූත්‍රය
130. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 9.
9. භාවිත එකන්ත නිබ්බිදා සූත්‍රය
131. “මහණෙනි, මේ ධර්ම දහයක් පුරුදු කරණ ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනක නැත. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ පුරුදු කරණ ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනක නැත.
10. 3. 3. 10.
10. දසමිච්ඡත්ත සූත්‍රය
132. “මහණෙනි, මේ බොරු දහයක් වෙත්. කවර දහයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. “මහණෙනි, මෙය වැරදි දේ යයි කියනු ලැබේ.”
10. 3. 3. 11.
11. දසසම්මත්ත සූත්‍රය
133. “මහණෙනි, මේ සත්‍ය දහයක් වෙත්. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. “මහණෙනි, මේ දශය සත්‍ය දේ යයි කියනු ලැබේ.”
පරිසුද්‍ධ වර්‍ගය නිමි.