10. 3. 3. 4.
4. කිලෙසවිනය ධම්ම සූත්රය
126. “මහණෙනි, මේ ධර්ම දහයක් රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ. ද්වේෂය, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ, ද්වේෂය හික්මවීම අවසන්කොට ඇත්තාහ, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 5.
5. ඒකන්ත නිබ්බාන සූත්රය
127. “මහණෙනි, මේ ධර්ම දහයක් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 6.
6. භාවනානුප්පන්න සූත්රය
128. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 7.
7. භාවිත මහප්ඵල සූත්රය
129. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, මහත් ඵල වෙත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මහත්ඵල වෙත්, මහානිසංස වෙත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 8.
8. භාවිත රාග විනය සූත්රය
130. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.