10. 3. 3. 10.
10. දසමිච්ඡත්ත සූත්රය
132. “මහණෙනි, මේ බොරු දහයක් වෙත්. කවර දහයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. “මහණෙනි, මෙය වැරදි දේ යයි කියනු ලැබේ.”
10. 3. 3. 11.
11. දසසම්මත්ත සූත්රය
133. “මහණෙනි, මේ සත්ය දහයක් වෙත්. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. “මහණෙනි, මේ දශය සත්ය දේ යයි කියනු ලැබේ.”
පරිසුද්ධ වර්ගය නිමි.
(14) 4. සාධු වර්ගය
10. 3. 4. 1.
1. සාධු අසාධු සූත්රය
134. “මහණෙනි, තොපට යහපතද, අයහපතද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි” යි වදාළ සේක. “ස්වාමිනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, අයහපත කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. “මහණෙනි, මෙය අයහපතැයි කියනු ලැබේ.”
“මහණෙනි, යහපත කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. “මහණෙනි, මෙය යහපතැයි කියනු ලැබේ.”
10. 3. 4. 2.
2. අරියානරිය සූත්රය
135. “මහණෙනි, තොපට ආර්ය්යයන්ට අයත් ධර්මයද, අනායර්යයන්ට අයත් ධර්මයද, පෘථග්ජන(යන්ට අයත්) ධර්මයද දේශනා කරන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. මහණෙනි, අනාර්ය්යයන්ට අයත් ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මේ අනාර්ය්ය ධර්මයයි කියනු ලැබේ. “මහණෙනි, ආර්ය්ය ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ ආර්ය්ය ධර්මයයි කියනු ලැබේ.”
10. 3. 4. 3.
3. කුසලාකුසල සූත්රය
136. “මහණෙනි, තොපට කුශලයද, අකුශලයද දෙසන්නෙමි. එය හොඳට අසවු, මෙනෙහි කරව්. මහණෙනි, අකුශලය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අකුශලයයි කියනු ලැබේ. “මහණෙනි, කුශලය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. “මහණෙනි, මෙය කුශලයයි කියනු ලැබේ.”