10. 3. 3. 1.
1. පරිසුද්ධ ධම්ම සූත්රය
123. “මහණෙනි, පිරිසිදු, බබලන මේ ධර්මයෝ දශදෙන සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය. කවර දසදෙනෙක් ද යත්:
“මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ පිරිසිදුය, පර්ය්යවදාතය, සුගතවිනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 2.
2. අනුප්පන්නධම්ම සූත්රය
124. “මහණෙනි, නූපන්නාවූ ධර්මදහයක් උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ නූපන්නාහු උපදිත්, සුගත විනයෙහි විනා අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 3.
3. මහප්ඵල ධම්ම සූත්රය
125. “මහණෙනි, මහත්ඵල, මහානිසංසවූ ධර්ම දහයක් සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දස ධර්මයෝ මහත්ඵල වූවාහු මහානිසංස වූවාහු සුගතවිනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 4.
4. කිලෙසවිනය ධම්ම සූත්රය
126. “මහණෙනි, මේ ධර්ම දහයක් රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ. ද්වේෂය, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ රාගය හික්මවීම අවසන්කොට ඇත්තාහ, ද්වේෂය හික්මවීම අවසන්කොට ඇත්තාහ, මෝහය හික්මවීම අවසන්කොට ඇත්තාහ, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 5.
5. ඒකන්ත නිබ්බාන සූත්රය
127. “මහණෙනි, මේ ධර්ම දහයක් ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, අවබෝධය පිණිස, නිවණ පිණිස, පවතිත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 6.
6. භාවනානුප්පන්න සූත්රය
128. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක් උපදිත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 7.
7. භාවිත මහප්ඵල සූත්රය
129. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, මහත් ඵල වෙත්. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මහත්ඵල වෙත්, මහානිසංස වෙත්, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
10. 3. 3. 8.
8. භාවිත රාග විනය සූත්රය
130. “මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, මේ ධර්ම දහයක්, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ. සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය. “මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මේ දසධර්මයෝ වඩන ලද, බහුල වශයෙන් කරණ ලද, රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය අවසන්කොට ඇත්තාහ, සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.