10. 3. 2. 3.
3. ආනන්ද ධම්මාධම්ම සූත්රය
115. “මහණෙනි, අධර්මයද, ධර්මයද දතයුතුය. අනර්ත්ථයද, අර්ත්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ත්ථයද, අර්ත්ථයද දැන, ධර්මය යම්සේද, අර්ත්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයි” භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙය වදාරා, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක.
ඉක්බිති, භාග්යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් ඒ භික්ෂූන්ට මෙබඳු සිතක් විය. “ඇවැත්නි අපට භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දත යුතුය. ධර්මයද දතයුතුය. අනන්ර්ථයද, අර්ත්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනන්ර්ථයද, අන්ර්ථයද දැන, අධර්මය යම්සේද, අන්ර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුය’ යි යන යමක් සංක්ෂෙපයෙන් වදාරා, විස්තර වශයෙන් තේරුම්කර නොදී, අස්නෙන් නැගිට විහාරයට වැඩි සේක්ද, භාග්යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද විස්තර වශයෙන් අන්ර්ථය නොබෙදන ලද මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැයි කියාය.
ඉක්බිති මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ විසින්මද මනාව වර්ණනා කරන ලද්දේය. සම්භාවනා කරණ ලද්දේය. භාග්යවතුන් වහන්සේ විසින් විස්තර වශයෙන් අන්ර්ථය නොබෙදන ලද, කොටින් වදාරණ ලද ධර්මයෙහි විස්තර වශයෙන් නුවණැති සබ්රම්සරුන්ට අර්ථය බෙදා දක්වන්නට සුදුසුය.
ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නමු. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැයි සිතූහ. අපට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම්සේ ප්රකාශ කරන්නේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය.
ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවූවාහුය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්ෂූහු, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීහ:
“ඇවැත්නි, ආනන්දයෙනි, අපට භාග්යවතුන් වහන්සේ, ‘මහණෙනි, අධර්මයද දතයුතුය. ධර්මයද දතයුතුය. අනර්ථයද, අර්ථයද දතයුතුය. අධර්මයද, ධර්මයද දැන, අනර්ථයද, අර්ථයද දැන, ධර්මය, අර්ථය යම්සේද, එසේ පිළිපැදිය යුතුයයි කොටින් වදාරා වදාරා විස්තර වශයෙන් අර්ථය නොබෙදා, ආසනයෙන් නැගිට විහාරයට ඇතුළුවූ සේකැ” යි කීවාහුය. “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ වැඩ නොබෝ වේලාවකින් අපට, “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ ධර්මයද, අධර්මයද දතයුතුයයි කොටින් වදාරා විස්තර වශයෙන් අර්ථය බෙදා නොදී, අස්නෙන් නැගිට, විහාරයට ඇතුළුවූ සේක. භාග්යවතුන් වහන්සේ විසින් කොටින් වදාරණ ලද, විස්තර වශයෙන් නොබෙදන ලද, මෙහි අර්ථය කවරෙක් විස්තර වශයෙන් බෙදන්නේදැ” යි මේ සිත විය. “ඇවැත්නි, අපට මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ, භාග්යවතුන් වහන්සේ විසින්මද වර්ණනා කරණ ලදී. ප්රශංසා කරණ ලදී. භාග්යවතුන් වහන්සේ විසින් කොටින් දේශනා කරණ ලද, විස්තර වශයෙන් අර්ථය නොබෙදන ලද, ධර්මයෙහි අර්ථය නුවණැති සබ්රම්සරුන්ට විස්තර වශයෙන් බෙදන්නට සුදුසුය. ඒකාන්තයෙන් අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණෙන්නෙමු. පැමිණ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේගෙන් මේ කාරණය විචාරන්නෙමු නම් යෙහෙකැ” යි සිතූහ. “ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අපට ප්රකාශ කරන්නේ යම්සේද, එසේ අපි දරන්නෙමු’ යි කීවාහුය. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බෙදා දක්වන සේක්වා” යි කීහ.