10. 3. 1. 8.
අරියවිරෙචන සූත්‍රය
“මහණෙනි, පිතින් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, සෙමෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වාතයෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වෛද්‍යවරයෝ විරේක දෙත්. මහණෙනි, මේ විරේකය ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ විරේචනය හරියයිද වේ, වරදියිද වේ.
මහණෙනි, මම යම් විරේකයක් හරියාද, නොවරදීද, යම් විරේකයකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්න්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය විරේචනය දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, යම් විරේකයක් හරියාද, නොවරදීද, යම් විරේකයකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාවෙන්, මරණයෙන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය විරේචනය කවරේද?
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයාට මිත්ථ්යා දෘෂ්ටිය විරේකවූයේ වේ. මිත්ථ්යා දෘෂ්ටි හේතුවෙන් යම් නොයෙක් අකුශල ධර්ම පහළවෙත්ද, ඔවුන්ද ඔහුට විරේකවූවාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්මයන් වැඩීමෙන් සම්පූර්ණ වෙත්.
මහණෙනි, යහපත් කල්පනා ඇත්තාහට වැරදි කල්පනාව විරේක වූයේ වෙයි. වැරදි කල්පනාව හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් කල්පනාව හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් වචන ඇත්තාහට වැරදි වචන විරේක වූයේ වෙයි. වැරදි වචන හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් වචන හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් කර්මාන්ත ඇත්තාහට වැරදි කර්මාන්ත විරේක වූයේ වෙයි. වැරදි කර්මාන්ත හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් කර්මාන්ත හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් ජීවිකාව ඇත්තාහට වැරදි ජීවිකාව විරේක වූයේ වෙයි. වැරදි ජීවිකාව හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් ජීවිකාව හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් වීර්ය ඇත්තාහට වැරදි වීර්ය විරේක වූයේ වෙයි. වැරදි වීර්ය හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් වීර්ය හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් සිහිය ඇත්තාහට වැරදි සිහිය විරේක වූයේ වෙයි. වැරදි සිහිය හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් සිහිය හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් සමාධිය ඇත්තාහට වැරදි සමාධිය විරේක වූයේ වෙයි. වැරදි සමාධිය හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් සමාධිය හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් නුවණ ඇත්තාහට වැරදි නුවණ විරේක වූයේ වෙයි. වැරදි නුවණ හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් නුවණ හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්. මහණෙනි, යහපත් මිදීම ඇත්තාහට වැරදි මිදීම විරේක වූයේ වෙයි. වැරදි මිදීම හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත් ද, ඔවුන් ද ඔහුට විරේක වූවාහු වෙත්. යහපත් මිදීම හේතුවෙන් නොයෙක් කුශල ධර්මයෝ වැඩීමෙන් සම්පූර්ණ වෙත්.
“මහණෙනි, යම් විරේකයක් හරියාද, හරිනොයාද, යම් විරේකයකට පැමිණ, ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය, ශෝකය, වැළපීම, දුක, දොම්නස, දැඩි ආයාස ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, මේ ඒ ආර්‍ය්‍ය විරේචනයයි.
10. 3. 1. 9.
අරියවමන සූත්‍රය
“මහණෙනි, පිතින් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, සෙමෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වාතයෙන් උපන් ලෙඩ සංසිඳවීම පිණිසද, වෛද්‍යවරයෝ වැමෑරීම දෙත්. මහණෙනි, මේ වැමෑරීම ඇතැයි කියමි. මෙය නැතැයි නොකියමි. මහණෙනි, ඒ වැමෑරීම හරියයිද වේ, වරදියිද වේ.
මහණෙනි, මම යම් වැමෑරීමක් හරියාද, නොවරදීද, යම් වැමෑරීමකට පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්න්වයෝ ඉපදීමෙන් මිදෙත්ද, ජරාව, මරණය ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉන් මිදෙත්ද, ඒ ආර්‍ය්‍ය වැමෑරීම දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. “ස්වාමීනි, එසේය” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.