10. 3. 1. 5.
5. පුබ්බඞ්ගමධම්ම සූත්‍රය
105. “මහණෙනි, අකුශල ධර්‍මයන්ට අවිද්‍යාව පෙරටුව යයි. ලජ්ජා නැතිකම හා බය නැතිකම සමාපත්තිය අනුව වේ. මහණෙනි, අවිද්‍යාවට බැසගත් මෝඩයාට මිත්‍ථ්‍යාදෘෂ්ටිය සම්පූර්‍ණ වේ. මහණෙනි, වැරදි දැනීම ඇත්තාට වැරදි කල්පනාව සම්පූර්‍ණවේ. වැරදි කල්පනාව ඇත්තාට වැරදි වචන සම්පූර්‍ණවේ. වැරදි වචන ඇත්තාට වැරදි කර්‍මාන්ත සම්පූර්‍ණවේ. වැරදි කර්‍මාන්ත ඇත්තාට වැරදි ජීවිකාව සම්පූර්‍ණවේ. වැරදි ජීවිකාව ඇත්තාට වැරදි වෑයම සම්පූර්‍ණවේ. වැරදි වෑයම් ඇත්තාට වැරදි එකඟකම සම්පූර්‍ණවේ. වැරදි එකඟකම ඇත්තාට වැරදි නුවණ සම්පූර්‍ණවේ. වැරදි නුවණ ඇත්තාට වැරදි මිදීම සම්පූර්‍ණවේ.
“මහණෙනි, කුශල ධර්‍මයන්ට විද්‍යාව පෙරටුව වේ. ලජ්ජා භය දෙක සමවැදීමට අනුවයි. මහණෙනි, විද්‍යාවට අසුවූ ඤාණවන්තයාට සම්‍යක් දෘෂ්ටිය සම්පූර්‍ණ වේ. සම්‍යක් දෘෂ්ටිකයාට සම්‍යක් කල්පනාව පහළ වේ. සම්‍යක් කල්පනාව ඇත්තාට සම්‍යක් වචන පහළ වේ. සම්‍යක් වචන ඇත්තාට සම්‍යක් කර්මාන්ත පහළ වේ. සම්‍යක් කර්මාන්ත ඇත්තාට සම්‍යක් ආජීවය පහළ වේ. සම්‍යක් ආජීවය ඇත්තාට සම්‍යක් වෑයම පහළ වේ. සම්‍යක් වෑයම ඇත්තාට සම්‍යක් සිහිය පහළ වේ. සම්‍යක් සිහිය ඇත්තාට සම්‍යක් සමාධිය පහළ වේ. සම්‍යක් සමාධිය ඇත්තාට සම්‍යක් ඥානය පහළ වේ. සම්‍යක් ඥානය ඇත්තාට සම්‍යක් විමුක්තිය පහළ වේ.”
10. 3. 1. 6.
6. නිජ්ජරවත්‍ථු සූත්‍රය
[සැවැත් නුවර]
106. “මහණෙනි, මේ විනාශ කරණ ධර්‍ම දහයක් වෙත්. කවර දහයක්ද යත්.
“මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා විසින් මිත්‍ථ්‍යා දෘෂ්ටිය විනාශ කරණ ලද්දේ වේ. මිත්‍ථ්‍යා දෘෂ්ටි හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්.
“මහණෙනි, සම්‍යක් සංකල්පයා විසින් මිත්‍ථ්‍යා සංකල්පය විනාශ කරණ ලද්දේ වේ. මිත්‍ථ්‍යා සංකල්ප හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් සංකල්ප හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්.
“මහණෙනි, සම්‍යක් වාචකයා විසින් මිත්‍ථ්‍යා වාචකය විනාශ කරණ ලද්දේ වේ. මිත්‍ථ්‍යා වාචක හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් වාචක හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්.
“මහණෙනි, සම්‍යක් කම්මයා විසින් මිත්‍ථ්‍යා කම්මය විනාශ කරණ ලද්දේ වේ. මිත්‍ථ්‍යා කම්ම හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් කම්ම හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්.
“මහණෙනි, සම්‍යක් ජීවකයා විසින් මිත්‍ථ්‍යා ජීවකය විනාශ කරණ ලද්දේ වේ. මිත්‍ථ්‍යා ජීවක හේතුවෙන් නොයෙක් යම් ලාමක අකුශල ධර්‍ම කෙනෙක් හට ගනිද්ද, ඔහුට ඔවුන්ද විනාශවූවාහු වෙත්. සම්‍යක් ජීවක හේතුවෙන් නොයෙක් කුශල ධර්‍මයෝ වැඩීමෙන් සම්පූර්‍ණ බවට යත්.