10. 2. 5. 7.
ආහුනෙය්ය සුත්තං
“මහණෙනි, දස ධර්‍මයකින් යුක්තවූ මහණතෙම ආහුණෙය්‍යවේ. පාහුණෙය්‍යවේ. දක්ඛිණෙය්‍යවේ. අඤජලිකරණීයවේ. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වේ. කවර දස ධර්‍මයකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, ආචාර ගෝචර සම්පන්න වූයේද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළුවූයේ, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙයි.
“ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේ. යම් ඒ ධර්‍ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යාව කියත්ද, එබදු ධර්‍මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදුවූවාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්.
“යහපත් මිත්‍රයන් සහායකොට ඇති, යහපත් මිත්‍රයන්ට නැමෙන්නාවූ කල්‍යාණ මිත්‍රයෙක් වේ.
“සම්‍යක් දෘෂ්ටිකයෙක් වේ. යහපත් දැකීමෙන් යුක්තවූයේ වේ.
“නානාප්‍රකාර ඎද්‍ධි ප්‍රභේදයන් විඳියි. එකෙක්ව බොහෝ වෙයි. බොහෝව එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්‍රකට භාවයට, සරසට, බිත්තියෙන් පිටතට, ප්‍රාකාරයෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට නොගැටෙමින් යයි. ජලයෙහි සේම පෘථුවියෙහිද මතුවීම, ගැලීම කරයි. පෘථිවියෙහි සේම ජලයෙහිද නොබිඳෙමින් යයි. පියාපත් ඇති කුරුල්ලන් මෙන් අහසෙහිද පර්‍ය්‍යඞ්කයෙන් යයි. මෙසේ මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ද අතින් ස්පර්‍ශ කරයි. පිරිමදී. බ්‍රහ්මලෝකය දක්වා කයින් වසඟයට පමුණුවයි.
“පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යවූද, ඈත්වූද, ළංවූද දේ ශබ්දයන් අසයි.
“තමන් සිතින් අන්‍ය සත්ත්‍වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත පිරිසිඳ දනියි. රාග සහිත සිත, රාග සහිත සිතයයි දනියි. පහවූ රාග ඇති සිත, පහවූ රාග ඇති සිතයයි දනියි... සිතේ ස්වභාවය දනියි.
“නානාප්‍රකාර පූවේනිවාසය එක ජාතියක් - ජාති දෙකක්... මෙසේ ආකාර සහිත, නම් කීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි.