10. 2. 5. 10.
භබ්බාභබ්බ සූත්රය
“මහණෙනි, මේ දස ධර්මය අත්නොහැර අර්හත්වය ප්රත්යක්ෂ කරන්නට නුසුදුසුය. කවර දසයක්ද යත්?
රාග, ද්වේෂ, මොහ, ක්රොධ, බද්ධ වෛර, ගුණමකුකම, උතුමන් තමාට සම කිරීම, ඊර්ෂ්යාව, මසුරුකම, මාන්නය.
“මහණෙනි, මේ දස ධර්මය අත්නොහැර අර්හත්වය ප්රත්යක්ෂ කරන්නට නුදුසුය.
“මහණෙනි, මේ දස ධර්මය අත්හැර අර්හත්වය ප්රත්යක්ෂ කරන්නට සුදුසුය. කවර දසධර්මයක්ද යත්?
රාගය, ද්වේෂය, මෝහය, ක්රෝධය, බද්ධ වෛරය, ගුණමකුගතිය, උතුමන් තමහට සම කර සිතීම, ඊර්ෂ්යාව, මසුරුකම, මාන්නය.
“මහණෙනි, මේ දස ධර්මය අත්හැර අර්හත්වය ප්රත්යක්ෂ කරන්නට සුදුසුය.”
පස්වන උපාලි වර්ගයයි.
එහි උදානය:
කාමභෝගී, වේරං (වෛර), දිට්ඨිවජ්ජ, උත්තිය, උභෝ, කෝකනද, ආහුනෙය්ය, ථේර, උපාලි සහ අභබ්බ යන මේ සූත්ර දසයයි.
දෙවන පණ්ණාසකය නිමි.