10. 2. 5. 1.
1. දසකාම භොගී සූත්රය
91. “එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති අනේපිඬු සිටුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අනේපිඬු සිටුහට භාග්යවතුන් වහන්සේ එතදවොච:
“ගෘහපතිය, මේ කාමභොගීන් දස දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්යමානවෙත්ය” යි වදාළ සේක. කවර දස දෙනෙක්ද යත්.
1. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් අධර්මයෙන්, දරුණුකමින් වස්තුව සොයයි. අධර්මයෙන්, සැහැසිකමින් වස්තුව සොයා තමන් සුවපත් නොකෙරෙයි. නොපිනවයි. කොටස් නොකරයි. පින් නොකරයි.
2. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් අධර්මයෙන්, දරුණුකමින් වස්තුව සොයයි. අධර්මයෙන්, සැහැසිකමින් වස්තුව සොයා තමන් සඅවපත් කෙරෙහි. පිනවයි. කොටස් නොකරයි. පින් නොකරයි.
3. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් අධර්මයෙන්, දරුණුකමින් වස්තුව සොයයි. අධර්මයෙන්, සැහැසිකමින් වස්තුව සොයා තමන් සුවපත් කෙරෙයි. පිනවයි. කොටස් කරයි. පින් කරයි.
4. ගෘහපතිය, මේ ලෝකයෙහි ඒ මේ කාමභොගීතෙම ධර්මයෙන් හා අධර්මයෙන්ද, සැහැසිකමින්ද, සාමයෙන්ද වස්තුව සොයයි. ධර්මයෙන් හා අධර්මයෙන්ද, සැහැසිකමින්ද, සාමයෙන්ද වස්තුව සොයයි. සොයා තමන් සුවපත් නොකරයි. නොපිනවයි. කොටස් නොකරයි. පින් නොකරයි.
5. ගෘහපතිය, මේ ලෝකයෙහි ඒ මේ කාමභොගීතෙම ධර්මයෙන් හා අධර්මයෙන්ද, සැහැසිකමින්ද, සාමයෙන්ද වස්තුව සොයයි. තමන් සුවපත් කරයි. පිනවයි. කොටස් නොකරයි. පින් නොකරයි.
6. ගෘහපතිය, මේ ලෝකයෙහි ඒ මේ කාමභොගීතෙම ධර්මයෙන් හා අධර්මයෙන්ද, සැහැසිකමින්ද, සාමයෙන්ද වස්තුව සොයයි. ඇතැම් කෙනෙක් තමන් සුවපත් කරයි. පිනවයි. කොටස් කරයි. පින් කරයි.
7. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් ධර්මයෙන් නොසැහැසිකමින් වස්තුව සොයයි. සොයා තමන් සුවපත් නොකරයි. නොපිනවයි. කොටස් නොකරයි. පින් නොකරයි.
8. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් ධර්මයෙන් නොසැහැසිකමින් වස්තුව සොයයි. සොයා තමන් සුවපත් කරයි. පිනවයි. කොටස් නොකරයි. පින් නොකරයි.
9. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් ධර්මයෙන් නොසැහැසිකමින් වස්තුව සොයයි. සොයා තමන් සුවපත් කරයි. පිනවයි. කොටස් කරයි. පින් කරයි. ඉතා ඇලුනේ, මුසපත්වූයේ, බැසගත්තේ, දොස් නොදක්නේ, හික්මීමෙහි නුවණක් නැතිව ඒ වස්තූන් පරිභොග කරයි.
10. ගෘහපතිය, මේ ලෝකයෙහි ඇතැම් කාමභෝගියෙක් ධර්මයෙන් නොසැහැසිකමින් වස්තුව සොයයි. සොයා තමන් සුවපත් කරයි. පිනවයි. කොටස් කරයි. පින් කරයි. නොඇලුනේ, මුසපත් නොවූයේ, බැස නොගත්තේ, දොස් දක්නේ, නික්මීමෙහි නුවණ ඇතිව ඒ වස්තූන් පරිභෝග කරයි.
1. ගෘහපතිය, එහි ඒ මේ කාමභෝගීතෙම අධර්මයෙන්ද, සැහැසිකමින්ද වස්තුව සොයයි. අධර්මයෙන්ද, සැහැසිකමින්ද වස්තුව සොයා තමා සුවපත් නොකරයි. නොපිනවයි. බෙදා නොදෙයි. පින් නොකරයි. ගෘහපතිය, මේ කාමභෝගීතෙමේ කරුණු තුනකින් ගැරහිය යුතුය. අධර්මයෙන් සැහැසිකමින් වස්තුව සොයායයි. මේ පළමුවෙනි කරුණින් ගැරහිය යුතුවෙයි. තමා සුවපත් නොකරයි, නොපිනවයි, යන මේ දෙවෙනි කරුණින්ද ගැරහිය යුතුවෙයි. බෙදා නොදෙයි, පින් නොකරයි, යන මේ තුන්වෙනි කරුණින්ද ගැරහිය යුතුවේ. මේ කාමභොගී තෙමේ වනාහි මේ කරුණු තුනින් ගැරහිය යුතුය.