10. 2. 4. 7.
අධිකරණික සූත්‍රය
[සාවත්ථි]
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, කලන්‍දක භික්‍ෂුව අරභයා, “මහණෙනි” යි කියා භික්‍ෂූන්ට ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, “පින්වතුන් වහන්සැ” යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
1. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නඩු විසඳන්නෙක් වේද, නඩු සමාදානයෙහි ගුණ නොකියයිද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම නඩු විසඳන්නෙක් වේද, නඩු සමාදානයෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
2. මහණෙනි, නැවතද මහණතෙම ශික්‍ෂාකාමී නොවේද, ශික්‍ෂා සමාදානයෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
3. මහණෙනි, නැවතද මහණතෙම ලාමක බලාපොරොත්තු ඇත්තේ වේද, කැමැත්ත සංසිඳවීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
4. මහණෙනි, නැවතද මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, ක්‍රොධ යටපත් කිරීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
5. මහණෙනි, නැවතද මහණතෙම ගුණමකුවේද, ගුණමකුකම සංසිඳවීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
6. මහණෙනි, නැවතද මහණතෙම කෛරාටික වූයේද, කෛරාටිකකම නැතිකිරීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
7. මහණෙනි, නැවතද මහණතෙම මායා දන්නේවේද, මායා සංසිඳවීමෙහි ගුණ නොකියාද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.
8. මහණෙනි, නැවතද මහණතෙම ධර්‍මයන් නොඅසන සුළුවේද, බණ ඇසීමෙහි ගුණ නොකියයිද, මේ කාරණයද ප්‍රිය බව පිණිස නොවේ. ගරුත්‍වය පිණිස නොවේ. දියුණුව පිණිස නොවේ. සමාන බව පිණිස නොවේ. සමගිය පිණිස නොවේ.