10. 2. 3. 6.
තයො ධම්ම සූත්රය
[සාවත්ථියෙහි දී ය]
76. “මහණෙනි, මේ ධර්ම තුනක් ලෝකයෙහි නොවන්නාහු නම් අර්හත් සම්යන් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නූපදින්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ප්රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි නොබබළන්නේය. කවර තුනක්ද යත්:
ඉපදීමද, ජරාවද, මරණයද යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුන ලෝකයෙහි විද්යමාන නොවන්නාහු නම් අර්හත් සම්යන් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි නූපදින්නාහුය. තථාගතයන් වහන්සේ විසින් ප්රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි නොබබළන්නේය. මහණෙනි, යම් හෙයකින් වනාහි මේ ධර්ම තුන ලෝකයෙහි විද්යමාන වෙත්ද, එසේ හෙයින් අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදිත්. තථාගතයන් වහන්සේ විසින් ප්රකාශ කරණ ලද ධර්මය ලෝකයෙහි බබළයි.
1. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකර ඉපදීම දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? රාගය දුරු නොකර, ද්වේෂය දුරු නොකර, මෝහය දුරු නොකර යනුයි. මහණෙනි, මේ කරුණු තුන දුරු නොකර ඉපදීම දුරු කරන්නට, ජරාව දුරු කරන්නට, මරණය දුරු කරන්නට නොහැක.
2. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට රාගය, ද්වේෂය, මෝහය දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස අත් නොහැර රාගය, දෝෂය, මෝහය දුරු කළ නොහැක. මහණෙනි, මේ ධර්ම තුන දුරු නොකොට රාගය දුරු කරන්නට, ද්වේෂය දුරු කරන්නට, මෝහය දුරු කරන්නට නොහැකිය.
3. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට සක්කායදිට්ඨිය දුරු කරන්නට, විචිකිච්ඡාව දුරු කරන්නට, සීලබ්බතපරාමාසය දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? නුනුවණින් මෙනෙහි කිරීම, නොමග යාම, සිතේ මැලි බව අත් නොහැර සක්කායදිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බතපරාමාසය දුරු කළ නොහැක. මහණෙනි, මේ ධර්ම තුන දුරු නොකොට සක්කායදිට්ඨිය දුරු කරන්නට, විචිකිච්ඡාව දුරු කරන්නට, සීලබ්බතපරාමාසය දුරු කරන්නට නොහැකිය.
4. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට නුනුවණින් මෙනෙහි කිරීම දුරු කරන්නට, නොමග යාම දුරු කරන්නට, සිතේ මැලි බව දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන් බව අත් නොහැර නුනුවණින් මෙනෙහි කිරීම, නොමග යාම, සිතේ මැලි බව දුරු කළ නොහැක. මහණෙනි, මේ ධර්ම තුන දුරු නොකොට නුනුවණින් මෙනෙහි කිරීම දුරු කරන්නට, නොමග යාම දුරු කරන්නට, සිතේ මැලි බව දුරු කරන්නට නොහැකිය.
5. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට මුළා සිහිය දුරු කරන්නට, මනාව නොදැනීම දුරු කරන්නට, සිතේ නොසන්සුන් බව දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? ආර්ය්යයන් දක්නට නොකැමැති බව, ආර්ය්ය ධර්මය අසන්ට නොකැමැති බව, දෝෂාරොපණ සිත අත් නොහැර මුළා සිහිය, මනාව නොදැනීම, සිතේ නොසන්සුන්බව දුරුකළ නොහැක. මහණෙනි, මේ ධර්ම තුන දුරු නොකොට මුළා සිහිය දුරු කරන්නට, මනාව නොදැනීම දුරු කරන්නට, සිතේ නොසන්සුන් බව දුරු කරන්නට නොහැකිය.
6. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට ආර්ය්යයන් දක්නට නොකැමැති බව දුරු කරන්නට, ආර්ය්ය ධර්මය අසන්ට නොකැමැති බව දුරු කරන්නට, දෝෂාරොපණ සිත දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? සිතේ නොසන්සුන්කම, සංවර නැතිකම, දුසිල්බව අත් නොහැර ආර්ය්යයන් දක්නට නොකැමැති බව, ආර්ය්ය ධර්මය අසන්නට නොකැමැති බව, දෝෂාරොපණ සිත දුරුකළ නොහැක. මහණෙනි, මේ ධර්ම තුන දුරු නොකොට ආර්ය්යයන් දක්නට නොකැමැති බව දුරු කරන්නට, ආර්ය්ය ධර්මය අසන්ට නොකැමැති බව දුරු කරන්නට, දෝෂාරොපණ සිත දුරු කරන්නට නොහැකිය.
7. මහණෙනි, ධර්ම තුනක් දුරු නොකොට සිතේ නොසන්සුන්කම දුරු කරන්නට, සංවර නැතිකම දුරු කරන්නට, දුසිල්බව දුරු කරන්නට නොහැකිය. කවර තුනක්ද යත්? අශ්රද්ධාව, නොදෙන සුළු බව, කුසීතකම අත්නොහැර සිතේ නොසන්සුන්කම, සංවර නැතිකම, දුසිල්බව දුරුකළ නොහැක. මහණෙනි, මේ ධර්ම තුන දුරු නොකොට සිතේ නොසන්සුන්කම දුරු කරන්නට, සංවර නැතිකම දුරු කරන්නට, දුසිල්බව දුරු කරන්නට නොහැකිය.