10. 1. 4. 8.
8. උපාලිසාමග්ගි සූත්රය
[සාවත්ථි නිදානයයි]
38. “ස්වාමීනි, සංඝ සාමග්රීය, සංඝ සාමග්රීයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා සමගිවුනේ වේද?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්රකාශ කරණ ලදැයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂය දේශනා නොකරත්. උපාලිය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.”
10. 1. 4. 9.
9. ආනන්ද සංඝභෙද සූත්රය
[සාවත්ථි නිදානයයි]
39. “ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
“ස්වාමීනි, සංඝභෙදය සංඝභෙදයයි කියනු ලැබේ. ස්වාමිනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”
“ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂ දෙසත්. ආනන්දය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”
“ස්වාමීනි, සමගි සංඝයා බිඳ, හෙතෙම කුමක් රැස් කරයිද?”
“ආනන්දය, කල්පයක් පවතින නපුරු දුකක් රැස් කරයි.”
“ස්වාමිනි, කල්පස්ථායී නපුරු දුක කවරේද?”
“ආනන්දය, කල්පයක් නරකයෙහි පැසීමයි.”
“සංඝභෙද කර්මය අපායට යවයි. නිරයට යවයි. කොටස්හි ඇලුනු, අවැඩෙහි ඇලුන තැනැත්තේ නිවණින් ඈත් වෙයි. සමගි සංඝයා බිඳ කල්පයක් නිරයෙහි පැසෙයි.”