4. උපාලි වර්ගය
10. 1. 4. 1.
1. උපාලි දසත්ථවඝ සූත්රය
[සාවත්ථි නිදානයයි]
31. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
“ස්වාමීනි, කරුණු කීයක් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්රාවකයන්ට ශික්ෂාපදය පනවන ලද්දේද, පාමොක් උදෙසන (පෝය ගේකදී පසළොස්වක්, අමාවක් දෙදින සංඝයා මැද එක්නමක් ශික්ෂා පද කීම) ලද්දේදැ” යි ඇසීය.
“උපාලිය, කරුණු දහයක් නිසා තථාගතයන් විසින් ශ්රාවකයන්ට ශික්ෂාපදය පනවන ලදී. පාමොක් උදෙසන ලදී. කවර දසයක්ද යත්? සංඝයාගේ යහපත් බව පිණිස, සංඝයාගේ පහසුව පිණිස, නිශ්ශබ්ද කිරීමට අපහසු පුද්ගලයන්ට නිග්රහ කිරීම පිණිස, ශික්ෂාකාමී පුද්ගලයන්ගේ පහසු විහරණය පිණිස, මේ ආත්මයෙහි වන ආශ්රවයන්ගේ සංවරය පිණිස, පරලෙව්හි වන ආශ්රවයන්ගේ නැසීම පිණිස, අප්රසන්නවූවන්ගේ ප්රසාදය පිණිස, ප්රසන්නවූවන්ගේ වැඩි පැහැදීම පිණිස, සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, හික්මීමට උපකාර පිණිස,”
“උපාලිය, මේ කරුණු දහය නිසා තථාගතයන් විසින් ශ්රාවකයන්ට ශිකඛාපද පනවන ලදී. ප්රාතිමොක්ෂය උදෙසන ලදී.”
10. 1. 4. 2.
2. පාතිමොකඛඨපනා සූත්රය
[සාවත්ථි නිදානයයි]
32. “ස්වාමීනි, පාමොක් නැවැත්වීම කෙතෙක්ද?”
“උපාලිය, පාමොක් නැවැත්වීම් දසයෙක. කවර දසයක්ද යත්? පාරාජිකාවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, පාරාජිකා කථාවක් කියා නතර කෙළේ වේද, උපසපන් නුවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, අනුපසම්පන්නයෙකු ගැන කථාවක් කියා නතරකළේ වේද, ශික්ෂා හැර දමූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, ශික්ෂා හැර දැමූ කථාවක් කියා නතරවූයේ වේද, නපුංසකයෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, නපුංසක කථාවක් කියා නතරවූයේ වේද, භික්ෂුණීන් දූෂ්ය කළ කෙනෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, භික්ෂුණී දූසක කථාවත් කියා නතර කෙළේ වේද, උපාලිය, මේ දසය පාමොක් නැවැත්විමය.”
10. 1. 4. 3.
3. උබ්බාහිකා සූත්රය
[සාවත්ථි නිදානයයි]
33. “ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?”
“උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය. කවර දසයකින්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්ර වරදෙහිත් බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අන්ර්ථ සහිතද, ව්යඤ්ජන සහිතද, හාත්පසින් පිරිසිදුද, පිරිසිදු බ්රහ්මචර්ය්යය කියත්ද, ඔහු එබඳු ධර්මයෝ බොහෝ අසක ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු ප්රාතිමොක්ෂ දෙක විස්තර වශයෙන්, සූත්ර වශයෙන්, ව්යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්. පවත්වන ලද්දාහු වෙත්. විනිශ්චය කරණ ලද්දාහු වෙත්. විනයෙහි සිටියේ නොසෙල්විය හැක්කේ වේ. හිතවතුන් සතුරු දෙදෙන හඟවන්ට, නැවත නැවත සිතා බලවන්ට, බලන්ට, පහදවන්ට, දක්ෂ වේ. ඇතිවන අධිකරණයන් සංසිඳවීමෙහි දක්ෂ වේ. අධිකරණය දනී. අධිකරණයට හේතුව දනී. අධිකරණ තීරණය දනී. අධිකරණ තීරණය කරණ ක්රමය දනී. උපාලිය, මේ ධර්ම දහයෙන් යුක්තවු මහණතෙම එසවීමෙන් සම්මත කළ යුතුය.”
10. 1. 4. 4.
4. උපසම්පාදෙතබ්බ සූත්රය
[සාවත්ථි නිදානයයි]
34. “ස්වාමීනි, කවර ධර්මයෙකින් යුක්තවූ මහණ විසින් උපසම්පදා කළ යුතුද?”
“උපාලිය, දස ධර්මයකින් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය. කවර දසයකින්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්ර්ථ සහිතද, ව්යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්ණද, පිරිසිදු බ්රහ්මචර්ය්යය ප්රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද,”