10. 1. 4. 6.
6. සාමණෙරුපඨාන සූත්රය
[සාවත්ථි නිදානයයි]
36. “ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුත් මහණහු විසින් සාමණේරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුද?”
“උපාලිය, දස ධර්මයන්ගෙන් යුක්තවූ මහණහු විසින් සාමණේරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුය. කවර දසයකින්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්ර්ථ සහිතද, ව්යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්ණද, පිරිසිදු බ්රහ්මචර්ය්යය ප්රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු විසින් ප්රාතිමොක්ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්ාහු වෙත්ද, සූත්ර වශයෙන්, අනු ව්යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්ෂ වේ. නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්ෂ වේ. උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්ෂ වේ. උපන් ශීලය සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්රේෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. ශ්රේෂ්ඨ ප්රඥාවෙහි සමාදන් කරවන්නට දක්ෂ වේ. උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් සාමණෙරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුය.”
10. 1. 4. 7.
7. උපාලි සංඝභෙද සූත්රය
[සාවත්ථි නිදානයයි]
37. “ස්වාමීනි, සංඝභෙදය, සංඝභෙදයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා බිඳුනේ වේද?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂ දෙසත්. උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ.”
10. 1. 4. 8.
8. උපාලිසාමග්ගි සූත්රය
[සාවත්ථි නිදානයයි]
38. “ස්වාමීනි, සංඝ සාමග්රීය, සංඝ සාමග්රීයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා සමගිවුනේ වේද?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්රකාශ කරණ ලදැයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂය දේශනා නොකරත්. උපාලිය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.”