10. 1. 4. 2.
2. පාතිමොකඛඨපනා සූත්‍රය
[සාවත්ථි නිදානයයි]
32. “ස්වාමීනි, පාමොක් නැවැත්වීම කෙතෙක්ද?”
“උපාලිය, පාමොක් නැවැත්වීම් දසයෙක. කවර දසයක්ද යත්? පාරාජිකාවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, පාරාජිකා කථාවක් කියා නතර කෙළේ වේද, උපසපන් නුවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, අනුපසම්පන්නයෙකු ගැන කථාවක් කියා නතරකළේ වේද, ශික්‍ෂා හැර දමූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, ශික්‍ෂා හැර දැමූ කථාවක් කියා නතරවූයේ වේද, නපුංසකයෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, නපුංසක කථාවක් කියා නතරවූයේ වේද, භික්‍ෂුණීන් දූෂ්‍ය කළ කෙනෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, භික්‍ෂුණී දූසක කථාවත් කියා නතර කෙළේ වේද, උපාලිය, මේ දසය පාමොක් නැවැත්විමය.”
10. 1. 4. 3.
3. උබ්බාහිකා සූත්‍රය
[සාවත්ථි නිදානයයි]
33. “ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?”
“උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය. කවර දසයකින්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුළු වේද, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් පිරිසිදුද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය කියත්ද, ඔහු එබඳු ධර්මයෝ බොහෝ අසක ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු ප්‍රාතිමොක්‍ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්. පවත්වන ලද්දාහු වෙත්. විනිශ්චය කරණ ලද්දාහු වෙත්. විනයෙහි සිටියේ නොසෙල්විය හැක්කේ වේ. හිතවතුන් සතුරු දෙදෙන හඟවන්ට, නැවත නැවත සිතා බලවන්ට, බලන්ට, පහදවන්ට, දක්‍ෂ වේ. ඇතිවන අධිකරණයන් සංසිඳවීමෙහි දක්‍ෂ වේ. අධිකරණය දනී. අධිකරණයට හේතුව දනී. අධිකරණ තීරණය දනී. අධිකරණ තීරණය කරණ ක්‍රමය දනී. උපාලිය, මේ ධර්ම දහයෙන් යුක්තවු මහණතෙම එසවීමෙන් සම්මත කළ යුතුය.”
10. 1. 4. 4.
4. උපසම්පාදෙතබ්බ සූත්‍රය
[සාවත්ථි නිදානයයි]
34. “ස්වාමීනි, කවර ධර්මයෙකින් යුක්තවූ මහණ විසින් උපසම්පදා කළ යුතුද?”
“උපාලිය, දස ධර්මයකින් යුක්තවූ මහණහු විසින් උපසම්පදා කළ යුතුය. කවර දසයකින්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද,”