10. 1. 3. 8.
8. කජඞගලා සූත්රය
28. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කජංගලා නුවර වෙළුවනයෙහි වාසය කරණ සේක. ඉක්බිති කජඞ්ගලයෙහිවූ බොහෝ උපාසකවරු කජඞ්ගලා භික්ෂුණිය යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, කජඞ්ගලා භික්ෂුණිය වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි කජඞ්ගලයෙහි වූ උපාසකයෝ කජඞ්ගල භික්ෂුණියට, “ආර්ය්යාවෙනි, භාග්යවතුන් වහන්සේ විසින් මහා ප්රශ්නයන්හි, එක් ප්රශ්නයෙකි. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්රශ්න දෙකකි. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්රශ්න තුනකි. කියාදීම් තුනකි. විස්තර තුනකි. ප්රශ්න සතරකි. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්රශ්න අටකි. කියාදීම් අටකි. විස්තර අටකි. ප්රශ්න නවයකි. කියාදීම් නවයකි. විස්තර නවයකි. ප්රශ්න දසයකි. කියාදීම් දසයකි. විස්තර දසයකියි මෙය වදාරණ ලද්දේය. බුදුරජාණන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දත යුතුද, ඇවැත්නි, මෙය භාග්යවතුන් වහන්සේ සමීපයෙන් නොඅසන ලදී. සමීපයෙන් නොපිළිගන්නා ලදී. සිත දියුණු කරණ භික්ෂූන් සමීපයෙන්ද නොඅසන ලදී. පිළිනොගන්නා ලදී.”
“එතකුදුවුවත් යම් සේ මෙය වැටහේද, එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” යි කීවාය. “ආචාර්ය්යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලායෙහි වූ උපාසකයෝ කජඞ්ගලා භික්ෂුණියට ප්රති වචන දුන්හ.
“කජඞ්ගලා භික්ෂුණිය, එක යන ප්රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? “ඇවැත්නි, මහණතෙම එක් ධර්මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර එක් ධර්මයෙක්හිද? සියලු සත්ත්වයෝ ආහාරය නිසා සිටින්නාහුය යන මේ ධර්මයෙහියි. “ඇවැත්නි, මහණතෙම එක් ධර්මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක යන ප්රශ්නයෙකි. එක කියාදීමකි. එක විස්තර කිර්මකි. මෙසේ ඒ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම දෙකෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දෙකෙක්හිද යත්, නාමයද, රූපයද යන දෙක කෙරෙහිය. ප්රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.” “ප්රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම තුනෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර තුනෙක්හිද යත්, වේදනා තුන කෙරෙහිය. ප්රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම සතරෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර සතරෙක්හිද යත්, සතිපට්ඨාන සතරෙහිය. ප්රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම පසෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර පසක් කෙරෙහිද යත්, පඤ්චෙද්රියයන් කෙරෙහිය. ප්රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.” “ප්රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම හයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හයක් කෙරෙහිද යත්, නිස්සාරනීය ධාතු නම් අධ්යාත්මික ආයතන සය කෙරෙහිය. ප්රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.” “ප්රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම හතෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හතක් කෙරෙහිද යත්, බොජ්ඣඞ්ග සත කෙරෙහිය. ප්රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.” “ප්රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?” “ඇවැත්නි, මහණතෙම ධර්ම අටෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර අටක් කෙරෙහිද යත්, ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහිය. ප්රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”