10. 1. 3. 5.
කසිණ සූත්රය
“මහණෙනි, මේ කසිනසථාන දසයක් වෙත්. කවර දසයක්ද යත්? එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි.”
10. 1. 3. 6.
කාළී සූත්රය
“එක් කාලයෙක්හි, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි, කුරරඝරයෙහි, පවත්ත පර්වතයෙහි වාසය කරණ සේක. ඉක්බිති කුරරඝරික කාලී උපාසිකාතොමෝ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ යම් කැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක සිටි කුරරඝරික කාලී උපාසිකා තොමෝ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවාය:
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් කුමාරි ප්රශ්නයන්හි,
“අර්හත්ව නම් අර්ත්ථයාගේ පැමිණීමට, හෘදයේ ශාන්තිය පිණිස, ප්රියවූ, යහපත්වූ වස්තූන්හි ඇතිවෙන රාගාදී ක්ලේශ සේනාව හුදකලාව දවන්නේ සැපය අවබෝධ කෙළෙමි. එහෙයින් මනුෂ්යයන් අතරෙහි, මිත්ර ධර්මයක් නොකරමි. මට කිසිවකු විසින් මිත්ර ධර්මයක් නොසපයා යයි’ වදාළ සේක්ද?
“භාග්යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දත යුතුද?”
“නැගනියෙනි, ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ පෘථුවි කසින සමාපත්තිය ශ්රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය.
නැගනියෙනි, ආපො කසින සමාපත්තිය ශ්රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. තෙජො කසින සමාපත්තිය ශ්රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. වායො කසින සමාපත්තිය ශ්රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. නීල කසින සමාපත්තිය ශ්රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. පීත කසින සමාපත්තිය ශ්රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය.