10. 1. 3. 4.
4. මහාචුන්ද - සහජාති සූත්‍රය
එක් කාලයෙක්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ චෙතිය නුවර සහජාතිය නම් ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
ඇවැත්නි, මහණෙක් “මේ ධර්මය දනිමි, මේ ධර්මය දකිමි” යි ඤාණවාදය (තමාට අවබෝධය ඇති බව) කියයි. ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටී නම්, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය (උපනාහය), ගුණමකු බව (මක්ඛය), එකට එක කිරීම (පළාසය), මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව (පාපේච්ඡාව) මැඩගෙන සිටී නම්, ඒ මහණ ගැන මෙසේ දත යුතු ය: “යම් පරිදි දන්නාහුට ලෝභය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි. යම් පරිදි දන්නාහුට ද්වේෂය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. යම් පරිදි දන්නාහුට මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, එකට එක කිරීම, මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලාමක ආශාව මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි.”
ඇවැත්නි, මහණෙක් “වඩන ලද කය ඇත්තෙක් වෙමි, වඩන ලද සීලය ඇත්තෙක් වෙමි, වඩන ලද සිත ඇත්තෙක් වෙමි, වඩන ලද ප්‍රඥාව ඇත්තෙක් වෙමි” යි භාවනාවාදය (තමා භාවනාව වඩා ඇති බව) කියයි. ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටී නම්, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය (උපනාහය), ගුණමකු බව (මක්ඛය), එකට එක කිරීම (පළාසය), මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව (පාපේච්ඡාව) මැඩගෙන සිටී නම්, ඒ මහණ ගැන මෙසේ දත යුතු ය: “යම් පරිදි දන්නාහුට ලෝභය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි. යම් පරිදි දන්නාහුට ද්වේෂය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. යම් පරිදි දන්නාහුට මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, එකට එක කිරීම, මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලාමක ආශාව මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි.”
ඇවැත්නි, මහණෙක් “මේ ධර්මය දනිමි, මේ ධර්මය දකිමි, වඩන ලද කය ඇත්තෙක් වෙමි, වඩන ලද සීලය ඇත්තෙක් වෙමි, වඩන ලද සිත ඇත්තෙක් වෙමි, වඩන ලද ප්‍රඥාව ඇත්තෙක් වෙමි” යි ඤාණවාදය ද භාවනාවාදය ද කියයි. ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටී නම්, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය (උපනාහය), ගුණමකු බව (මක්ඛය), එකට එක කිරීම (පළාසය), මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව (පාපේච්ඡාව) මැඩගෙන සිටී නම්, ඒ මහණ ගැන මෙසේ දත යුතු ය: “යම් පරිදි දන්නාහුට ලෝභය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි. යම් පරිදි දන්නාහුට ද්වේෂය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. යම් පරිදි දන්නාහුට මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, එකට එක කිරීම, මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලාමක ආශාව මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි.”
ඇවැත්නි, යම් සේ පුරුෂයෙක් දිළිඳු වූයේ ම “මම ආඪ්‍ය වෙමි” යි ආඪ්‍යවාදය කියන්නේ ද, ධනය නැත්තේ ම ධනවාදය කියන්නේ ද, භෝග සම්පත් නැත්තේ ම භෝගවාදය කියන්නේ ද, ඔහු ධනයෙන් කළ යුතු යම් කිසි කටයුත්තක් පැමිණි කල්හි ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රත්රන් හෝ පිටතට ගෙන දෙන්නට නොහැකි වන්නේ ය. ඔහු ගැන මෙසේ දැනගන්නේ ය: “මේ ආයුෂ්මතුන් දිළිඳු වූයේ ම ආඪ්‍යවාදය කියයි, ධනය නැත්තේ ම ධනවාදය කියයි, භෝග සම්පත් නැත්තේ ම භෝගවාදය කියයි. ඊට හේතු කවරේ ද? මේ ආයුෂ්මතුන් ධනයෙන් කළ යුතු යම් කිසි කටයුත්තක් පැමිණි කල්හි ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රත්රන් හෝ පිටතට ගෙන දෙන්නට නොහැකි වන හෙයිනි.”
ඇවැත්නි, එසේ ම මහණෙක් “මේ ධර්මය දනිමි, මේ ධර්මය දකිමි, වඩන ලද කය ඇත්තෙක් වෙමි, වඩන ලද සීලය ඇත්තෙක් වෙමි, වඩන ලද සිත ඇත්තෙක් වෙමි, වඩන ලද ප්‍රඥාව ඇත්තෙක් වෙමි” යි ඤාණවාදය ද භාවනාවාදය ද කියයි. ඇවැත්නි, ඉදින් ලෝභය ඒ මහණ මැඩගෙන සිටී නම්, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය (උපනාහය), ගුණමකු බව (මක්ඛය), එකට එක කිරීම (පළාසය), මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව (පාපේච්ඡාව) මැඩගෙන සිටී නම්, ඒ මහණ ගැන මෙසේ දත යුතු ය: “යම් පරිදි දන්නාහුට ලෝභය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලෝභය මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි. යම් පරිදි දන්නාහුට ද්වේෂය නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. යම් පරිදි දන්නාහුට මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, එකට එක කිරීම, මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව, ලාමක ආශාව නූපදී ද, මේ ආයුෂ්මතුන් එපරිදි නොදනියි. එහෙයින් ම ලාමක ආශාව මේ ආයුෂ්මතුන් මැඩගෙන සිටියි.”