10. 1. 1. 9.
සන්තවිමොක්ඛ සූත්‍රය
සැවැත් නුවර දී ය.
“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය නොකරයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරන්නේ නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙමේ ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කෙරෙම්ද, ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙ ලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයිද, නොකරයි. මෙසේ හෙතෙම ඒ කොටසින් අසම්පූර්‍ණවූයේ වේ.
“ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුය. “මම ශ්‍රද්‍ධාවත්ද වන්නෙමි. සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නේද, දක්‍ෂවූයේ පිරිස්හි ධර්‍ම දේශනා කරන්නෙමි. විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ ආරඤ්ඤිකද වන්නෙමි. රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරන්නෙමි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙම්ද, ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුය.”
“මහණෙනි, යම් තැනක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නේද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නේද, රූපයන් ඉක්මවා අරූපවූ යම් ඒ ශාන්ත මිදීමක් ඇද්ද, ඔවුහු කයින් ස්පර්‍ශකොට වාසය කරයිද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන්, ආශ්‍රව රහිත චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාසය කරයි. මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණ වූයේ වේ. මහණෙනි, මේ කරුණු දසයෙන් යුක්තවු මහණතෙම හාත්පසින් ප්‍රසාද එලවන්නේද වේ. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේද වේ.
සන්තවිමොක්ඛ සූත්‍රය නවවැනියි.
10. 1. 1. 10.
පාසාදික පරිපූර සූත්‍රය
සැවැත් නුවර දී ය.
“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි.
මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.
“මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි නොකරයි. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ. “ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් සත්ත්‍වයන් දකීද, කිමෙක්ද මට අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් සත්ත්‍වයන් දකී නම් යෙහෙකි. ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූවාවු දිවැසින් සත්ත්‍වයන් දකීද, පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවූවාවූ දිවැසින් සත්ත්‍වයන් නොදකී. “ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් සත්ත්‍වයන් දකීද, කිමෙක්ද මට අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් සත්ත්‍වයන් දකී නම් යෙහෙකි. ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය නොකරයි. මෙසේ ඔහු ඒ කොටසින් සම්පූර්‍ණ නොවූයේ වේ.