584-599. පඤ්ඤාපටිලාභ සූත්රය
“මහණෙනි, එකම ධර්මයක් තෙම වඩන ලද්දේ බහුලවශයෙන් පුරුදු කරනලද්දේ ප්රඥාව ලැබීම පිණිස පවතී. ප්රඥාවෘද්ධිය පිණිස පවතී. ප්රඥාවෙහි විශාලත්වය පිණිස පවතී. මහත් ප්රඥාව ඇති බැව් පිණිස විශාල ප්රඥා භාවය පිණිස පවතී, විපුල ප්රාඥ භාවය පිණිස පවතී, ගම්භීර ප්රාඥ භාවය පිණිස පවතී, අසාමන්ත (අනභිභවනීය) ඥානය ඇති බැව් පිණිස පවතී, භූරි ප්රාඥ භාවය පිණිස පවතී, ප්රඥා බාහුල්යය පිණිස පවතී, සීඝ්ර (වහ වහා පවත්නා) ප්රාඥභාවය පිණිස පවතී, ලඝු (යුහුසුලුවූ) ප්රාඥ භාවය පිණිස පවතී, හාසු (තුෂ්ටිබහුල) ප්රාඥභාවය පිණිස පවතී, (වහා අවබෝධය ලබන) ජවන ප්රඥාව ඇති බැව් පිණිස පවතී, තීක්ෂණ ප්රඥාභාවය පිණිස පවතී, (කලකිරුණු ස්වභාව ඇති) නිර්වෙධික ප්රාඥ භාවය පිණිස පවතී. “කවර නම් එකම ධර්මයක්ද? කායගතානුස්මෘතියයි. මහණෙනි, මේ එකම ධර්මය තෙම වඩනලද්දේ බහුලවශයෙන් පුරුදු කරන ලද්දේ ප්රඥාප්රතිලාභය පිණිස පවතී, ප්රඥාවෘද්ධිය පිණිස පවතී, ප්රඥාවෙහි විශාලත්වය පිණිස පවතී. මහා ප්රඥාව ඇති බැව් පිණිස පවතී, විශාල ප්රාඥභාවය පිණිස පවතී. විපුල ප්රාඥභාවය පිණිස පවතී, ගම්භීර ප්රාඥභාවය පිණිස පවතී, අසාමන්ත ඥානය ඇති බැව් පිණිස පවතී, භූරිප්රාඥ භාවය පිණිස පවතී, ප්රඥා බාහුල්යය පිණිස පවතී, සීඝ්ර ප්රාඥභාවය පිණිස පවතී, ජවන ප්රඥාව ඇති බැව් පිණිස පවතී, තීක්ෂණ ප්රාඥභාවය පිණිස පවතී, නිර්වෙධික ප්රාඥභාවය පිණිස පවතී.”
කායගතාසතිවග්ගො එකූනවීසතිමො.
[8. අමතවග්ගො]
600. අමතාපරිභූඤ්ජන සූත්රය
“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය පරිභොග නොකෙරෙත්ද, ඔහු නිර්වාණය (අවබෝධකිරීම් වශයෙන්) නොවළඳත්.”
“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය (භාවනා වශයෙන්) පරිභොග කෙරෙත්ද ඔහු නිර්වාණය වළඳත්.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය පරිභොග නොකරන ලදද, ඔවුන් විසින් නිර්වාණය පරිභොග නොකරණ ලද්දේ වේ.
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය පරිභොග කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය පරිභොග කරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන්ගේ කායගතාසතිය පිරිහුණිද ඔවුන්ගේ නිර්වාණය පිරිහුණේය”
“මහණෙනි, යම් කෙනෙකුන්ගේ කායගතාසතිය නොපිරිහුණිද ඔවුන්ගේ නිර්වාණය නොපිරිහුණේය”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය අවබෝධ නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය අවබෝධ නොකරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය සම්පූර්ණකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය සම්පූර්ණ කරණ ලද්දේ වේ.”
604. අමතපමාද සූත්රය
“මහණෙනි, යමෙක් තුමූ කායගතානුස්මෘතිය ප්රමාද කළාහුද ඔහු තුමූ නිර්වාණය ප්රමාද කළාහුය”
“මහණෙනි, යමෙක් තුමූ කායගතාසතිය ප්රමාද නොකළාහුද, ඔහු තුමූ නිර්වාණය ප්රමාද නොකළාහුය.”
“මහණෙනි, යම්කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව මතක නැති කරන ලදද, ඔවුන් විසින් නිර්වාණය මතක නැති කරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව මතක නැති නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය මතක නැති නොකරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය ආසෙවනය නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය ආසෙවනය නොකරණ ලද්දේවේ.
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය සෙවනය කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය සෙවනය කරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය නොවඩන ලදද, ඔවුන් විසින් නිර්වාණය නොවඩන ලද්දේ වේ”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය වඩන ලදද, ඔවුන් විසින් නිර්වාණය වඩන ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය බහුල වශයෙන් නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය බහුලවශයෙන් පුරුදුනොකරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය බහුල වශයෙන් පුරුදුකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය (විශේෂ ඥානයෙන්) දැන නොගන්නා ලදද ඔවුන් විසින් නිර්වාණය (විශේෂ ඥානයෙන්) දැන නොගන්නා ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘතිය (විශේෂයෙන්) දැනගන්නා ලදද, ඔවුන් විසින් නිර්වාණය විශේෂයෙන් දැනගන්නා ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව පිරිසිඳ දැන නොගන්නා ලදද, ඔවුන් විසින් නිර්වාණය පිරිසිඳ දැන නොගන්නා ලද්දේ වේ.
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතානුස්මෘති භාවනාව පිරිසිඳ දැනගන්නා ලදද, ඔවුන් විසින් නිර්වාණය පිරිසිඳ දැනගන්නා ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය ප්රත්යක්ෂ නොකරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය ප්රත්යක්ෂ නොකරණ ලද්දේ වේ.”
“මහණෙනි, යම් කෙනෙකුන් විසින් කායගතාසතිය ප්රත්යක්ෂ කරණ ලදද, ඔවුන් විසින් නිර්වාණය ප්රත්යක්ෂ කරණ ලද්දේ වේ.”
අමතවග්ගො වීසතිමො.
එකකනිපාතයෙහි සූත්ර දහස සමාප්තයි.