1. 16. 6. 17-20.
කුසල් කරනු කැමැත්ත නිසා ලබන ලද සමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද, වීර්ය්යසමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද, චිත්තසමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද, වීමංසාව (විචාරණ ප්රඥාව) අධිපතිකොට පැවති සමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද,
1. 16. 6. 21-25.
සතින්ද්රිය වඩාද, විරියින්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රියවඩාද, ප්රඥෙන්ද්රියවඩාද,
1. 16. 6. 26-30.
ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, සති (නුමුළාවූ සිහි) බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද,
1. 16. 6. 31-37.
ස්මෘතිසම්බොද්ධ්යංගය (සත්යාවබොධයට හේතුවන එළඹසිටි සිහිය) වඩාද, ධර්මවිචය සම්බොජ්ඣංගය (සත්යාවබොධය පිණිස ප්රඥා ධර්මයන්ගේ සෙවීම) වඩාද, විරිය සම්බොජ්ඣංගය (සත්යාවබොධය) පිණිස ශූරභාවය වඩාද, ප්රීති සම්බොජ්ඣංගය (සත්යාවබොධය පිණිස කය සිත පිණවීම) වඩාද, ප්රශ්රබ්ධි සම්බොජ්ඣංගය (සත්යාවබොධය පිණිස කය හා සිතෙහි ක්ලෙශදාහය සංසිඳවීම) වඩාද, සමාධිසම්බොධ්යංගය (සත්යාවබොධය පිණිස කය හා සිත මනාකොට පිහිටුවීම) වඩාද, උපෙක්ෂා සම්බොද්ධ්යංගය (සත්යාවබොධය පිණිස ඉෂ්ටානිෂ්ටයන් කෙරෙහි මද්ධ්යස්ථතාව) වඩාද,
1. 16. 6. 38-45.
සම්යක් දෘෂ්ටිය වඩාද, සම්යක් සංකල්පය (යහපත්සේ කල්පනාව) වඩාද, සම්යක් වචනය වඩාද, සම්යක් කර්මාන්තය වඩාද, සම්යක් ආජීවය (යහපත් දිවිපැවැත්ම) වඩාද, සම්යක් ව්යායාමය වඩාද, සම්යක් සතිය වඩාද, සම්යක් සමාධිය වඩාද,
1. 16. 6. 46-53.
ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ නොවැඩුනාවූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්යානය උපන් බව දනිමි දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ අප්රමාණවූ (වැඩීමෙන් මහත්වූ) යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්යානය උපන් බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ (අරූපධ්යාන හෙවත් අරූප සඥා ඇත්තේ) පිටත්හිවූ නොවැඩුනාවූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් (මැඩපවත්වා ධ්යානය උපන්බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි අරූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ වැඩීමෙන් මහත්වූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්යානය උපන්බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ නිල්වූ නීලවර්ණ ඇත්තාවූ නීලවර්ණ දැක්විය හැක්කාවූ නීලාවභාස (නීලකාන්තිය) ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්යානය උපන්බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ රන්වන් පැහැය ඇති, රන්වන්පාට ඇත්තාවූ, එකහෙලා පීතවර්ණවූ දැකුම් ඇත්තාවූ පීතවර්ණාවභාෂ (පීතකාන්ති) ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් අභිභවනය කොට (මැඩපවත්වා ධ්යානය උපන්බව) දනිමි. දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ ලෙහෙවන්වූ, රතුපාට ඇති එකහෙලා රත්පාට දැකුම් ඇති, රතුකාන්ති ඇති රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්යානය උපන් බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද, ස්වකීය රූපයෙහි අරූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ සුදුවූ, සුදුපැහැ ඇති, එකහෙලා සුදුපැහැ දැකුම් ඇති සුදුපාට කාන්ති ඇති රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්යානය උපන් බව දනිමි, දකිමියි යන මෙබඳු සංඥා ඇත්තේ වේද,
1. 16. 6. 54-61.
රූපීව රූපයන් දකීද, තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත රූපයන් දකීද, ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ රූපයන් දකීද, සුභයයි කියාම නිශ්චයකිරීම් ඇත්තේ වේද, සර්වප්රකාරයෙන් රූපයන් ඇතැයි යන සංඥාවන් මනාසේ බැහැරලීමෙන්, ක්රොධ සංඥාවන් නැසීමෙන්, නොයෙක් ස්වභාවික සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, අහස අනන්තයයි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කෙරේද, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතන සමාපත්තිය මනාසේ ඉක්මවා විඥානය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කෙරේද, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය මනාසේ ඉක්මවා ඒ පිළිබඳ කිසි පිළිබොධයක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කෙරේද, සර්වප්රකාරයෙන් අකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන (විඤ්ඤාණය ඇත්තේද නැත්තේදැයි කියන පමණවූ) සමාපත්තියට පැමිණ වාසය කෙරේද, සර්වප්රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා (චිත්ත චෛතසිකයන්ගේ නොහොත් සංඥා වේදනාවන්ගේ නොපැවැත්මවූ) සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කෙරේද,
1. 16. 6. 62-72.
පෘථිවී කසිණය වඩාද, ආපොකසිණය වඩාද, තෙජොකසිණය වඩාද, වායොකසිණය වඩාද, නීලකසිණය වඩාද, පීත (රන්වන් පැහැති) කසිණය වඩාද, ලොහිත (ලෙහෙවන් පැහැති) කසිණය වඩාද, ඔදාත (සුදුපැහැති) කසිණය වඩාද, ආකාස කසිණය වඩාද, විඤ්ඤාණකසිණය වඩාද, ආලෝක කසිණය වඩාද,