1. 16. 6. 9-12.
කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, සම්යක් ප්රඥාව ඇත්තේ ස්මෘතිමත්වූයේ, ලෝකයෙහි තෘෂ්ණාව හා (ක්රෝධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්මයන් සංසිඳුවාද, කයෙහි ඇති කෙශාදි අශුභයන් කය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ධර්මයන් කෙරෙහි ඒ ධර්මය අනුව බලමින් වාසය කෙරේද,
1. 16. 6. 13-16.
නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස යහපත්වූ කැමැත්ත උපදවාද, වෑයම් කෙරේද, වීර්ය්යය කෙරේද, සිත ඔසවාද, (සම්යක්) ප්රධාන වීර්ය්යය කෙරේද, උපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නො ඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවාද, ව්යායාම කෙරේද, වීර්ය්යය කෙරේද, සිත ඔසවාද (සම්යක්) ප්රධාන වීර්ය්යය කෙරේද, නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස (යහපත් කැමැත්ත) උපදවාද, උත්සාහ කෙරේද, වීර්ය්යය කෙරේද, (එයින්) සිත ඔසවාද, (සම්යක්) ප්රධාන වීර්ය්යය කෙරේද, උපන්නාවූ කුසල ධර්මයන්ගේ (පැවැත්ම) පිණිස, විනාශනොවීම පිණිස, බහුල භාවය පිණිස, විපුලභාවය පිණිස, වැඩීමෙන් සම්පූර්ණත්වය (ඇතිවන) පිණිස, කුශලච්ඡන්දය උපදවයිද, ව්යායාම කෙරේද, වීර්ය්යයකෙරේද (එයින්) සිත ඔසවාද, ප්රධාන වීර්ය්යය කෙරේද,
1. 16. 6. 17-20.
කුසල් කරනු කැමැත්ත නිසා ලබන ලද සමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද, වීර්ය්යසමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද, චිත්තසමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද, වීමංසාව (විචාරණ ප්රඥාව) අධිපතිකොට පැවති සමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාද වඩාද,
1. 16. 6. 21-25.
සතින්ද්රිය වඩාද, විරියින්ද්රිය වඩාද, සතින්ද්රිය වඩාද, සමාධින්ද්රියවඩාද, ප්රඥෙන්ද්රියවඩාද,
1. 16. 6. 26-30.
ශ්රද්ධා බලය වඩාද, වීර්ය්ය බලය වඩාද, සති (නුමුළාවූ සිහි) බලය වඩාද, සමාධි බලය වඩාද, ප්රඥාබලය වඩාද,
1. 16. 6. 31-37.
ස්මෘතිසම්බොද්ධ්යංගය (සත්යාවබොධයට හේතුවන එළඹසිටි සිහිය) වඩාද, ධර්මවිචය සම්බොජ්ඣංගය (සත්යාවබොධය පිණිස ප්රඥා ධර්මයන්ගේ සෙවීම) වඩාද, විරිය සම්බොජ්ඣංගය (සත්යාවබොධය) පිණිස ශූරභාවය වඩාද, ප්රීති සම්බොජ්ඣංගය (සත්යාවබොධය පිණිස කය සිත පිණවීම) වඩාද, ප්රශ්රබ්ධි සම්බොජ්ඣංගය (සත්යාවබොධය පිණිස කය හා සිතෙහි ක්ලෙශදාහය සංසිඳවීම) වඩාද, සමාධිසම්බොධ්යංගය (සත්යාවබොධය පිණිස කය හා සිත මනාකොට පිහිටුවීම) වඩාද, උපෙක්ෂා සම්බොද්ධ්යංගය (සත්යාවබොධය පිණිස ඉෂ්ටානිෂ්ටයන් කෙරෙහි මද්ධ්යස්ථතාව) වඩාද,
1. 16. 6. 38-45.
සම්යක් දෘෂ්ටිය වඩාද, සම්යක් සංකල්පය (යහපත්සේ කල්පනාව) වඩාද, සම්යක් වචනය වඩාද, සම්යක් කර්මාන්තය වඩාද, සම්යක් ආජීවය (යහපත් දිවිපැවැත්ම) වඩාද, සම්යක් ව්යායාමය වඩාද, සම්යක් සතිය වඩාද, සම්යක් සමාධිය වඩාද,