1. 16. 4. 37-39.
-පෙ- “මහණෙනි, එසේම යම් සත්වකෙනෙක් තිරිසන් යෝනියෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එහෙත් තිරිසන් යෝනියෙන් සැව නිරයෙහි යම් සත්වකෙනෙක් උපදිත්ද -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත ලෝකයෙහි උපදිත්ද ඔවුහුම බොහෝ වෙත්.”
1. 16. 4. 40-42.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්රෙත විෂයෙන් චුතවූවාහු මනුෂ්ය ලෝකයෙහි උපදිත්ද’ ඒ සත්වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 43-45.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ප්රෙතවිෂයෙන් චුතවූවාහු දෙවලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්වූවාහු වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් ප්රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්, -පෙ- තිරිසන් යොනියෙහි උපදිත්ද -පෙ- ප්රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
[ජම්බුදීප පෙය්යාලො නිට්ඨිතො]
වග්ගො චතුත්ථො.
[5. සොළසපසාදකරධම්මා]
1. 16. 5. 1-16.
“මහණෙනි, ලාභයන් අතුරෙන් යම් මේ ආරණ්යක බවක් වේද, පිණ්ඩපාතික බවක් වේද, පාංශුකූලික බවක් වේද, තෙචීවරික බවක් වේද, ධර්ම කථික බවක් වේද, විනයධර බවක් වේද, බහුශ්රැත බවක් වේද, ස්ථවිර බවක් වේද, ආකල්ප සම්පත්තියක් වේද, පිරිවර ඇති බවක් වේද, මහත් පිරිවර ඇති බවක් වේද, කුලපුත්ර බවක් වේද, වර්ණ (ශරීර) සෞන්දර්ය්යයක් වේද, යහපත් වචන ඇති බවක් වේද, අල්පෙච්ඡ බවක් වේද, නිරෝගි බවක් වේද, මෙය ලාභයන් අතුරෙන් ඒකාන්ත ලාභයයි.”
[සොළස පසාදකරධම්මා නිට්ඨිතා.]
වග්ගො පඤ්චමො.
6. අච්ඡරාසඞ්ඝාත වර්ගය
1. 16. 6. 1.
මහණෙනි, ඉදින් මහණතෙම අසුර ගසන කලක් පමණවත් ප්රථමධ්යානය වඩාද, මේ මහණතෙම හිස් නොවූ ධ්යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන පිණ්ඩ භෝජනය අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?
1. 16. 6. 2-8.
මහණෙනි, ඉදින් මහණතෙම අසුර ගසන කලක් පමණවත් ද්විතීයද්ධ්යාන සමාපත්තිය වඩයිද, තෘතීය ධ්යානය වඩයිද, චතුර්ථ ධ්යානය වඩයිද, මෛත්රී සහගත චිත්ත විමුක්තිය වඩයිද, කරුණා සහගත චෙතො විමුක්තිය වඩයිද, මුදිතා සහගත චෙතො විමුක්තිය වඩයිද, උපෙක්ෂා සහගත චෙතො විමුක්තිය වඩයිද, මේ මහණතෙම හිස් නොවූ ධ්යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන පිණ්ඩ භෝජනය අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් කියනුම කවරේද?
1. 16. 6. 9-12.
කෙලෙස් තවන වීර්ය්යය ඇත්තේ, සම්යක් ප්රඥාව ඇත්තේ ස්මෘතිමත්වූයේ, ලෝකයෙහි තෘෂ්ණාව හා (ක්රෝධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්මයන් සංසිඳුවාද, කයෙහි ඇති කෙශාදි අශුභයන් කය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද, සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ධර්මයන් කෙරෙහි ඒ ධර්මය අනුව බලමින් වාසය කෙරේද,