1. 16. 4. 12.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් සංවේගයට පැමිණියාහු නුවණීන් (සම්යක් ප්රධාන) වීර්ය්යය කෙරෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් සංවේගයට පැමිණියාහු (කළකිරුණාහු) නුවණින් (සම්යක්ප්රධාන) වීර්ය්යය නොකෙරෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 13.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් නිර්වාණය අරමුණුකොට චිත්තය සම්බන්ධවූ සමාධිය ලබත්ද, චිත්තය සම්බන්ධවූ එකඟ බව ලබත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් නිර්වානය අරමුණුකොට සිතේ සමාධිය නොලබත්ද, සිතේ එකඟබව නොලබත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 14.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් ලැබීම් ඇත්තෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් නොලබන්නාහු උඤ්ජාචරිය යයි කියනලද වන මුල ඵලයෙන් හෝ කබලක් ගෙන සිඟා ලත් දෙයින් හෝ යැපෙත්ද, මේ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්.”
1. 16. 4. 15.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් අර්ථරසය (හෙවත් සෝවාන්ඵලය ආදී චතුර්විධ ශ්රාමණ්යඵලය) ද, ධර්ම රසය (හෙවත් සතරමග) ද, විමුක්ති රසය (හෙවත් නිර්වාණය) ද ලබන්නහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් අර්ථරසයද, ධර්ම රසයද, විමුක්ති රසයද නොලබන්නාහු වෙත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්ථරසය (චතුර්විධ ශ්රාමණ්යඵලය) ද, ධර්මරසය (චතුර්විධ මාර්ගය) ද, විමුක්ති රසය (නිර්වාණය) ද, ලබන්නෝ වන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.”
1. 16. 4. 16-18.
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මනුෂ්ය යොනියෙන් චුත වූවාහු මනුෂ්යයන් අතුරෙහි නැවත උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් මනුෂ්යයෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, -පෙ- තිරච්ඡානයොනියා පච්චාජායන්ති, -පෙ- පෙත්තිවිසයෙ පච්චාජායන්ති, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 19-21.
-පෙ- “යම් සත්ව කෙනෙක් මනුෂ්ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිද්ද ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් මනුෂ්ය යෝනියෙන් චුතවූවාහු නිරයෙහි උපදිත්ද, -පෙ- තිරිසන්යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙත නිකායෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්”
1. 16. 4. 22-24.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් දෙවියන්ගෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්ව කෙනෙක් දෙවියන්ගෙන් චුත වූවාහු නරකයෙහි උපදිත්ද මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙත විෂය (ලොක) යෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්.”
1. 16. 4. 25-27.
-පෙ- “මහණෙනි, එපරිද්දෙන්ම යම්සත්වකෙනෙක් දෙවලෝකයෙන් චුතවූවාහු මනුෂ්ය විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝ ස්වල්පවෙත්. එසේ නමුත් යම් සත්වකෙනෙක් දෙව ලෝකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ ඉතා බොහෝවෙත්. -පෙ- තිරිසන් යෝනියෙහි උපදිත්ද, -පෙ- ප්රෙතවිෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම බොහෝ වෙත්.”