1. 16. 3. 4.
“මහණෙනි, යම්සේ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්ථය පිණිස, දෙවිමිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේද, මහණෙනි, ඒ මේ බඳුවූ අනික් එක පුද්ගලයෙකුදු මම නොම දකිමි. මහණෙනි, යම්සේ ගංමුවදොරෙක්හි වූ කෙමනක් බොහෝ මත්ස්යයන්ට අහිත පිණිස දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස, අටවනු ලබන්නේ වේද, එවමෙව ඛො භික්ඛවෙ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ සත්වයන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්ථය පිණිස, විනාශය පිණිස මිනිස් කෙමනකැයි සිතමි.”
1. 16. 3. 5.
“මහණෙනි, නපුරුකොට ප්රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ වචනය පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ධර්මය නපුරුකොට ප්රකාශ කරණ ලද හෙයිනි.”
1. 16. 3. 6.
“මහණෙනි, මනාකොට ප්රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ කුසල් රැස් කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්රකාශ කරණ ලද හෙයිනි.”
1. 16. 3. 7.
“මහණෙනි, වරදවා ප්රකාශ කරණ ලද්දාවූ ධර්මවිනය ඇති ශාසනයෙහි දායකයා විසින් (දෙන දෙයෙහි) පමණ දතයුතුයි (පිළිගන්නහු) විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය (වරදවා) ප්රකාශ කරණලද හෙයිනි.”
1. 16. 3. 8.
“මහණෙනි, මනාකොට ප්රකාශකරණලද ධර්මවිනයඇති ශාසනයෙහි ප්රතිග්රාහකයා විසින් පමණ දතයුතුයි දායකයා විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්රකාශ කරණ ලද හෙයිනි.”
1. 16. 3. 9.
“මහණෙනි, වරදවා ප්රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙහි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීර්ය්යය ඇත්තේ වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය වරදවා ප්රකාශ කරණ ලද හෙයිනි.”
1. 16. 3. 10.
“මහණෙනි, මනාකොට ප්රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනා කොට ප්රකාශ කරණ ලද හෙයිනි.”
1. 16. 3. 11.
“මහණෙනි, වරදවා ප්රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය වරදවා ප්රකාශ කරණ ලද හෙයිනි.”
1. 16. 3. 12.
“මහණෙනි, මනාකොට ප්රකාශ කරණලද ධර්මවිනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීර්ය්යය ඇත්තේ වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්රකාශ කරණලද හෙයිනි.”
1. 16. 3. 13.
“මහණෙනි, යම්සේ ස්වල්ප මාත්රවූ අසුචිය වුවද දුගඳ වේද, එපරිද්දෙන්ම ස්වල්පමාත්රයකුදු භවයෙහි ඉපදීම වර්ණනා නොකරමි, අන්තමසො අසුරුසැනක් ගැසීම පමණ කලකුදු වර්ණනා නොකරමි.”